ගාමිණි ෆොන්සේකා

Avatar Cinema.lk A | August 8, 2012 792 Views 0 Likes 0 Ratings

792 Views 0 Ratings Rate it

ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවාය. ප්‍රෙස්බිටීරියන් ආයතනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුයේය. පාසලෙහිදී සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනීමෙහිලා දස්කම් පෑ ගාමිණී එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්. සේනානායක මහතා විසින් පිරිනමන ලද සිංහල සාහිත්‍යය දක්ෂතා ඇඟයීමේ ත්‍යාගයකට පවා හිමිකම් කීවේය. විෂය පිළිබඳ දක්ෂතා පෑමට අමතරව ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද පාසලේ ප්‍රසිද්ධියක් ඉසිලීය.

තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි. මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ Bridge on the River Kisai සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේය.

ගාමිණී ‍ ෆොන්සේකා 1959 තිරගත වූ දෛවයෝගය චිත්‍රප‍ටයේ කුඩා චරිතයකට රංගනයෙන් දායක වුයේය. ප්‍රථමයෙන් ඔහු ප්‍රධාන චරිතයකට දායක වූයේ සංදේශය(1960) චිත්‍රපටයටයි. ඉන්පසු අදට වැඩිය හෙට හොඳයි, රන්මුතු දූව, ගැටවරයෝ සහ ධීවරයෝ චිත්‍රපටවල රගපෑ ඔහු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේය.

වාණිජමය චිත්‍රපට වලට දායක වනවාට අමතරව ඔහු ගම්පෙරළිය (1964) වැනි කලාත්මක සිනමා කෘති වලටද දායක වුයේය. ටයිටස් තොටවත්තයන්ගේ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රථමවරට දුෂ්ඨ චරිතයකට පණපෙවීය. මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සොරුන්ගෙත් සොරු චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ජේම්ස් ‍බණ්ඩා ලෙසය. මෙම චරිතය ශ්‍රී ලාංකිය ජේම්ස් බෝන්ඩ් ලෙස බොහෝදෙනකු හඳුන්වයි.

රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසි ගාමිණි ෆොන්සේකා සිනමා ලෝලීන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූයේ පරසතු මල් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙසය

ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨතම නිරූපණය ලෙස සලකනුයේ නිධානය (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ.

1980 දී සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරුංගලේ’ චිත්‍රපටයේ දී ගාමිණී, යාපනයේ ද්‍රවිඩ ලිපිකරුවකු වූ නඩරාජා ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළේය.

1989 දී ගාමිණී ෆොන්සේකා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමෙනි. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබවීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ වකවානුවේදී ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා‍ලෙසද කටයුතු කළේය.

වයස අවුරුදු 68 දී ජා ඇල පිහිටි තම නිවසේදී ගාමිණි ෆොන්සේකා මෙලොව හැර ගියේය.

  • 1956 – රේඛාව
  • 1959 – දෛවයෝගය
  • 1960 – පිරිමියෙක් නිසා
  • 1960 – සංදේශය
  • 1962 – රන්මුතු දූව
  • 1962 – දස්කොන්
  • 1963 – අදට වැඩිය හෙට හොඳයි
  • 1963 – ගම්පෙරළිය
  • 1964 – ගැටවරයෝ
  • 1964 – ධීවරයෝ
  • 1965 – සුදෝ සුදු
  • 1965 – ආදරයයි-කරුණාවයි
  • 1965 – සත පනහ
  • 1965 – යටගිය දවස
  • 1965 – චණ්ඩියා
  • 1966 – සීතල වතුර
  • 1966 – සීගිරි කාශ්‍යප
  • 1966 – පරසතු මල්
  • 1966 – ඔබ දුටු දා
  • 1966 – සැනසිළි සුවය
  • 1966 – සැනසුම කොතැනද
  • 1967 – සොරුන්ගෙත් සොරු
  • 1967 – ඉපදුනේ ඇයි
  • 1967 – රැන ගිරව්
  • 1967 – ඔක්කම හරි
  • 1967 – සූර චෞරයා
  • 1968 – දෙහදක දුක
  • 1969 – මී මැස්සෝ
  • 1969 – පරා වළලු
  • 1969 – ඔබ නැති නම්
  • 1969 – බඩුත් එක්ක හොරු
  • 1969 – සූරයන්ගෙත් සූරයා
  • 1970 – ආත්ම පූජා
  • 1970 – ඔහොම හොඳද
  • 1971 – හතර දෙනාම සූරයෝ
  • 1971 – වැලිකතර
  • 1972 – සහනය
  • 1972 – නිධානය
  • 1972 – එදත් සූරයා අදත් සූරයා
  • 1972 – ආදරේ හිතෙනවා දැක්කම
  • 1972 – මිරිඟුව
  • 1973 – හොඳට හොඳයි
  • 1973 – සඳහටම ඔබ මගේ
  • 1973 – හොඳම වෙලාව
  • 1973 – හොඳයි නරකයි
  • 1974 – කස්තුරි සුවඳ
  • 1974 – ඔන්න බබෝ බිල්ලෝ එනවා
  • 1974 – සැණකෙළිය
  • 1975 – සූරයා සූරයාමයි
  • 1975 – හිත හොඳ මිනිහෙක්
  • 1975 – රත්තරන් අම්මා
  • 1975 – ආවා සෝයා ආදරේ
  • 1975 – සිරි මල්ලි
  • 1975 – රජගෙදර පරවියෝ
  • 1976 – නයනා
  • 1976 – කවුද රජා
  • 1976 – හුලවාලි
  • 1976 – නිල්ල සොයා
  • 1977 – යකඩයා
  • 1977 – චිං චිං නෝනා
  • 1977 – ‍දෙවියනි ඔබ කොහෙද
  • 1977 – චණ්ඩි පුතා
  • 1978 – සීතා දේවී
  • 1978 – චණ්ඩි ශ්‍යාමා
  • 1978 – ආශා දෑසින්
  • 1978 – හිත මිතුරා
  • 1978 – අප්සරා
  • 1979 – මිනිසුන් අතර මිනිසෙක්
  • 1979 – සරුංගලය
  • 1979 – අමල් බිසෝ
  • 1980 – උතුමාණෙනි
  • 1981 – චංචල රේඛා
  • 1981 – බාඳුරා මල්
  • 1981 – සාගරයක් මැද
  • 1982 – හෙලෝ ශ්‍යාමා
  • 1982 – මිස් මල්ලිකා
  • 1985 – යුගාන්තය
  • 1986 – යළි හමුවෙන්නයි
  • 1986 – කොටි වලිඟය
  • 1987 – සත්‍යග්‍රාහනය
  • 1987 – අහිංසා
  • 1989 – ශක්තිය ඔබයි අම්මේ
  • 1993 – සාජන් නල්ලතම්බි
  • 1994 – පවන රළු විය
  • 1994- නොමියෙන මිනිසුන්
  • 1995 – මම බය නැ ශ්‍යාමා
  • 1995 – දෙමෝදර පාලම
  • 1996 – ලොකු දුව
  • 1997 – අපායේ ත්තපර අසුහාර දහසක්
  • 1998 – අන්තිම රැය

 

 

 

 

Share

792 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.