ගුරුගීතය (Duishen – First Teacher) සිනමාපටය තිරගත කෙරෙයි
චිංගිස් අයිත්මාතව් රචනා කළ “ගුරු ගීතය” කෘතිය ඇසුරෙන් නිමවුන රුසියානු මුල් චිත්‍රපටය කොළඹදී තිරගත කෙරෙනවා. සිනමාපටය තිරගත කිරීම සහ සන්නිවේදන කතිකාවක් මේ යටතේ සංවිධාන කොට තිබෙනවා. සැප්තැම්බර් 17 වැනිදා සවස 3.00 සිට බොරැල්ල ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේදී මේ වැඩසටහන පැවැත්වීමට නියමිතයි. වැඩසටහනට සමගාමීව ආරියනන්ද දොඹගහවත්ත අනුවාදනය කළ “ගුරු පඬුරු” කෘතිය සහ ව. අ. සරත් ලාල් කුමාර සංස්කරණය කරන “රුසියාව” සඟරාව පිලිබඳ සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සාහිත්‍යවේදී ඩබ්. ඒ. අබේසිංහ සහ චූලානන්ද සමරනායක, කථිකාචාර්ය අරුණ ලොකුලියන, සිනමා විචාරක අජිත් ගලප්පත්ති යන අය සංවාදය සඳහා සහභාගී වීමට නියමිතයි. ගාමිණී කන්දපොල විසින් මෙහෙයවන මේ වැඩසටහන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධාන දායකත්වයෙන් පැවැත්වෙනවා.

Written by Nisanka Weheraduwa
