ඝරසරප දිවයින පුරා සිනමාහල්වලදී
දේශීය සිනමාවට 2018 වර්ෂයේ නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක් පසුගිය 10 වැනිදා තිරගතවීම ආරම්භ වුනා. ඒ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ඝරසරප චිත්‍රපටය. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂයකයින්ට හොඳින් හුරු පුරුදු නමක්. වෙනස් ආකාරයේ සිනමා නිර්මාණ සමග ජයන්ත ඔහුගේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කොට තිබෙනවා. අග්නිදාහය, ගරිල්ලා මාකටිං ඒ අතර විශේෂයි. මෙවර ඔහු, ආදරය, ප්‍රේමය පිළිබඳව වෙනස් මානයක කතිකාවකට ප්‍රේක්ෂකයාට ආරාධනා කරන බව චිත්‍රපටය නැරඹු ඇතැමෙක් ප්‍රකාශ කොට තිබුනා.
ඝරසරප දැන් දිවයින පුරා තිරගත වනවා. චිත්‍රපටයේ නළුවරණය ජයන්තට සුපුරුදු සමීප හැඩයම නියෝජනය කරනවා වුනත් අලුත් මුහුණු දෙකක් ඔහුගේ මේ නිර්මාණයට ප්‍රධාන චරිත සඳහා තෝරා ගැනෙනවා. ඒ කවින්ද්‍යා අදිකාරී සහ දෙව්නක පෝරගේ. ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, සංගීතා වීරරත්න, අමිෂා කාවින්දි ඇතුළු රංගන ශිල්පින් චිත්‍රපටයේ චරිත සඳහා දායකවී තිබෙනවා. ප්‍රභාත් රෝෂන්ගේ කැමරාවත් චින්තක ජයකොඩිගේ සංගීතයත් චිත්‍රපටයට වෙනස්ම හැඩයක් එක්කිරීමට සමත්ව තිබෙන බවත් පැවසෙනවා.
දේශීය සිනමාවට සහ දේශීය සිනමාවේ ජයන්ත චන්ද්‍රසිරි සලකුණට කැමති ප්‍රේක්ෂකයින්ට දැන් දිවයින පුරා තිරගත වන ඝරසරප නැරඹීමේ අවස්ථාව හිමිවනවා.
Written by Nisanka Weheraduwa
