චිත්‍රපට සංස්ථාවෙන් අලුත් ඉදිරි පිම්මක්
දේශීය චිත්‍රපට මෙරට තුළ බෙදාහැරීමේ අයිතිය යළි තමාවෙත පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කොට තිබෙනවා. එම බලතල මෙතෙක් පැවතියේ චිත්‍රපට සංස්ථාව සතු රිද්මා මණ්ඩලය සහ අනිකුත් පෞද්ගලික චිත්‍රපට බෙදාහරින මණ්ඩල කිහිපයක් සතුවයි.
1971 පනත ප්‍රකාරව තම සංස්ථාව සතුව තිබු බලතල යළි පවරාගත් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සිතෙන්ද්‍ර සේනාරත්න මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළා. “2001 වසරේ නිලවීර වාර්තාවට අනුව පෞද්ගලික අංශය යටතට පත් කෙරුණු චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය නැවත පවරා ගැනිමකුයි මෙතැනදී සිදු කෙරෙන්නේ, මේක කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැවති සෑම රජයකින්ම කළ ඉල්ලීමක්, එහෙම නැතුව අපි මේ ආපහු 70 දශකයේ තිබුනු දේශපාලනය ක්‍රියාත්මක කරනවා නෙමෙයි, මේක සිනමාවේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාගේ කැමැත්තෙන් සහ කමිටු කිහිපයක නිර්දේශ සලකා බලමින් ගත්ත තීන්දුවක්” ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින්, කලාකරුවන්, සංස්ථා නිළධාරින් සහ මාධ්‍යවේදීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
Written by Nisanka Weheraduwa
