ජපාන සිනමා අත්දැකීමක් පුළුල් තිරයෙන්… ජූලි මාසයේදී

Avatar Nisanka Weheraduwa | July 4, 2018 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

ජපානය පිළිබඳව ඔබ බොහෝ කතා අසා ඇතුවාට සැකයක් නැහැ. ජපානය පසුගිය දිනවල නැවතත් සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමගින්. තරගය පිළිබඳව වගේම ඉන් අනතුරුව ක්‍රීඩා පිටිය පිරිසිදු කළ ජපන් ජාතිකයින් පිළිබඳවත් මේ දිනවල බොහෝ සෙයින් කතාබහ කෙරෙනවා. නමුත් මේ ඊට වඩා වෙනස් කතාවක්. මේ පුවත ජපාන සිනමාව පිළිබඳවයි.

සිනමා රසිකයින් විවිධාකාරයි. බොලිවුඩ් සිනමාවට කැමති, හොලිවුඩ් සිනමාව රසවිඳින වගේම ලෝකයේ වෙනත් රටවල සිනමාව රසවිඳින සිනමා රසිකයින් අප අතර සිටිනවා. මේ පණිවිඩය ලෝක සිනමාව රසවිඳින ඔබ වෙනුවෙන්මයි. ජපානයේ සිනමාව රසවිඳින්නට ඔබට අපූරු අවස්ථාවක් ජූලි මාසයේදී ඔබට උදා වනවා.

ජපානය  ආසියාවේ දැවැන්ත සිනමාවකට හිමිකම් කියන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. නමුත් ජපානය සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනවා. ජපාන නිහඬ යුගයේ සිනමාව ආරම්භ වන්නේ 1897 වර්ෂයේ. ඒ අනුව ජපාන සිනමාවට වසර 100කට අධික ඉතිහාසයක් තිබෙනවා. ආසියානු සිනමාවේ දැවැන්තයෙක් වන ජපාන සිනමාවේ නිර්මාණය කෙරුණු සිනමාපට අවස්ථා හතරකදී ඇකඩමි සම්මාන ලබා ගන්නේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසින්. එම වාර්තාවට සම කිරීමට කිසිදු ආසියාතික රටකට හැකිවී නැහැ. එවන් සිනමාවක් සහිත ජපානයේ අපූරු චිත්‍රපට හතරක් තිරගත කෙරෙන ජපාන සිනමා උළෙලක් ජූලි මාසයේ පැවැත්වීමට නියමිතයි. ජූලි 21 සහ 22 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා.

එහිදී තිරගත වන චිත්‍රපට මෙසේයි.

21 / 07       3.00pm        It’s a beutiful life (drama)

21 /07        5.30pm        The Complen (Horror)

22 / 07       3.00pm        Golden Orchestra (comedy)

22 / 07       6.00pm         Time of EVE (sci-fi-anime)

ජපාන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙන අතරම ජාතික තරුණ සේවා සභාව සහ Ship for world youth alumni association මේ සඳහා සම දායකත්වය සැපයීමට එක්ව සිටිනවා. සිනමා ප්‍රේක්ෂකයන් වෙත මෙම සිනමා උළෙල නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

36531947_10216389449312944_8896633177200656384_n

Share

56 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.