ජාත්‍යන්තර සම්මාන දිනූ Frozen Heart පුළුල් තිරයේ නරඹන්න
ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් විවිධ ජයග්‍රහණ සමග ජාත්‍යන්තරය ජයගනිමින් ඉන්න ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා. ලාංකීය සිනමාව තුළ මෙය වැදගත් සලකුණක් බවයි බොහෝ දෙනාගේ මතය. කෙසේ නමුත් ජාතිකව හෝ ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුනත් මේ නිර්මාණ පොදු ප්‍රේක්ෂකයා වෙත සමීප කරන එක ලංකාවේදී එතරම් පහසු නැහැ. ඒ, නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ හැකි නිසි ක්‍රමවේදයක් මෙරට නොතිබීම නිසා.
ඒ කෙසේ නමුත්, කිහිප වරක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වලදී සම්මානයට පාත්‍රවුනු, ඒ වගේම සම්මාන උළෙල රැසක් නියෝජනය කරන්නට සමත් වුනු කෙටි චිත්‍රපටයක් පුළුල්තිර මහජන ප්‍රදර්ශනයකට සුදානම් වනවා. තරිඳු ලොකුආරච්චිගේ නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටය ඒ. අගෝස්තු මාසේ 13 වැනි සඳුදා සවස 5.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. චිත්‍රපටයෙන් පස්සේ සංවාදයක් පවත්වන්නත් ඔහු අපේක්ෂා කරනවා.
වැඩසටහන මෙහෙමයි. සවස 5.00 සිට අමුත්තන් පිළිගනිම සහ රතු පලස පැවැත්වෙනවා. ඉන් අනතුරුව කෙටි චිත්‍රපටය තිරගත කෙරෙනවා. මූලික කෙටි අදහස් දැක්වීම් සඳහා පස්දෙනෙක් සම්බන්ධ වීමට නියමිතයි. සිනමාවේදී ප්‍රසන්න ජයකොඩි, නදී වාසලමුදලිආරච්චි, භූපති නලින් වික්‍රමගේ, නදී කම්මැල්ලවීර සහ මාලක දේවප්‍රිය මේ කෙටි අදහස් දැක්වීම් වලට සම්බන්ධ වනවා. සංවාදය මෙහෙයවන්නේ ධනුෂ්ක ගුණතිලක විසින්.
මේ අවස්ථාව නිර්මාණකරුවාට වගේම කෙටි චිත්‍රපට කරුවන්ටත්, ක්ෂේත්‍රය පිලිබඳ උනන්දු බොහෝ දෙනෙකුටත් අතිශය වැදගත් අවස්ථාවක් වේවි. ඒ නිසා සිනමාවට ආදරය කරන, ඒ සිනමාවේ අලුත් පරපුරකට ආදරය කරන ඔබ සැමට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කෙරෙනවා.
Written by Nisanka Weheraduwa

