දූ අනුරාධා ප්‍රසංගයේ ප්‍රවේශපත් දිනාගන්න – තරගයට සහභාගී වන්න

Avatar Nisanka Weheraduwa | March 5, 2018 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි දශක පහකට  අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සටහන් කළ විශිෂ්ට ගායනවේදියෙක්. ඔහුගේ බිරිඳ මල්කාන්ති නන්දසිරි මෙන්ම දියණිය අනුරාධා නන්දසිරිද ගීත ගායනා කොට තිබෙන ශිල්පිනියන්. දිගු කලකට පසුව මේ තිදෙනා එක්ව ප්‍රසංගයක් සංවිධාන කොට තිබෙනවා. “දූ අනුරාධා” නමින් වන මේ ප්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මාර්තු 11 වැනිදා සවස 6.30 පැවැත්වීමට සුදානම්. සිහෙල Time and Space ආයතනය ප්‍රසංගයේ සංවිධායකයින් වනවා.

මේ ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දිනා ගැනීමට මේ ලිපියේ පාටක ඔබට අවස්ථාව තිබෙනවා. අපි අසන පහසු ප්‍රශ්න තුනට Facebook comment එකක් ලෙස පිළිතුරු ලබාදීම පමණයි ඔබ කළ යුත්තේ. නිවැරදි පිළිතුරු ලබාදෙන්නන් හට නොමිළේ ප්‍රසංගය නැරඹීමට ප්‍රවේශපත් ලබාදීමට අපි සුදානම්.

පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න

01. සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් “වසන්තයේ දවසක්” චිත්‍රපටයට ගායනා කළ යුග ගීතය කුමක්ද.?

02. පණ්ඩිත් ඩබ්. ඩි. අමරදේවයන් සමග මල්කාන්ති නන්දසිරි ගායනා කරන “පායන සඳුනේ” ගීතයේ සංගීත නිර්මාණය කාගේද.?

03. දශක හතරකට වඩා පැරණි “දූ අනුරාධා” මුල් ගීතයේ ගීත රචකයා වන්නේ කවුරුන්ද.?

මෙම ප්‍රශ්න තුනට පිළිතුරු facebook comment එකක් ලෙසින් ලබාදීමෙන් ඔබට මෙම තරගයට ඇතුලත් විය හැකියි.

Share

48 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.