දෙරණ සිනමා සම්මාන – වැඩිම සම්මානලාභී චිත්‍රපටය මෝටර් බයිසිකල්
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. සම්මාන උළෙලේදී 2016 වසරේ තිරගතවී අවසන් කෙරුණු සිනමාපට 23ක් අතුරින් විශිෂ්ට සිනමා නිර්මාණ සහ ශිල්පීන් සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුණා. එහිදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ශමීර රංගන අධ්‍යක්ෂණය කල “මෝටර් බයිසිකල්” සිනමාපටය සමත් වුනා.
මෝටර් බයිසිකල් සිනමාපටය සඳහා හිමිවුනු සම්මාන
වසරේ හොඳම අධ්‍යක්ෂණය – ශමීර රංගන නාඔටුන්න

විශිෂ්ට රංග කුසලතා සඳහා ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය – සමනලී ෆොන්සේකා

වසරේ හොඳම පසුබිම් සංගීත අධ්යක්ෂණය – අජිත් කුමාරසිරි

වසරේ හොඳම ගායකයා – අජිත් කුමාරසිරි (අම්මගෙ මාලේ ගීතය)

වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂනය – විශ්වජිත් කරුණානායක

වසරේ හොඳම සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

වසරේ හොඳම ශබ්ධ සැළසුම්කරණය – අරුණ ප්‍රියන්ත කළුාරච්චි
Written by Nisanka Weheraduwa

