ධනුෂ් 17 වැනි වියට..
පසුගිය වකවානුව තුළ “කොලවරී“ ගීතය හරහා ලොකු කුඩා කාගෙත් අවදානය දිනා ගත් ද්‍රවිඩ සිනමාවේ සුපිරි නළු ධනුෂ් මේ දිනවල තමන්ගේ නවතම චිත්‍රපටයේ රූ ගත කිරීම් වලට සහභාගී වෙමින් සිටිනවා.මේ සිනමා පටයේ නම තමයි “රන්ජනා “.මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඒ ආනන්ද රායි විසිනි.
චිත්‍රපට අධ්‍යක්ෂක ඒ ආනන්ද රායි ධනුෂ්ට පවරලා තියෙන්නේ එසේමෙසේ කාර්යයක් නම් නෙවෙයි.මොකද ධනුෂ්ට සහ ඔහු සමඟ රඟපාන බොලිවුඩ් තාරකාවක් වන සෝනම් කපුර්ට මෙම චිත්‍රපටය තුළ රඟපාන්න සිදු වෙලා තියෙන්නේ හරි අපුරු චරිත දෙකකට.ඒ තමයි 17 වන වියේ පසුවන පාසල් පෙම්වතුන් දෙපලකගේ වරිතය.මේ දෙන්නා ඒ චරිතයන්ට පණ පොවන කොට කිසිම කෙනෙක්ට මේ දෙන්නාගේ සැබෑ වයස නම් කියන්න බැරිලු.මේ චිත්‍රපටයේ සංගීතය ඒ.ආර් රහමාන්.මේ නව යොවුන් නිළිය වෙනුවෙන් ගී ගයන්නේ ලතා මංගේෂ්කාර්.
Written by Cinema.lk A
