නයනතාරාගේ මාලය ඔබටත් හමුවුනොත්….??

Avatar Nisanka Weheraduwa | October 10, 2017 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

cinema.lk වෙතින් ලෝකයේ කතා බහට ලක්වුණු වෙනස්ම මාතෘකා සහිත ඒ වගේම සම්මානිත කෙටි චිත්‍රපට ගැන තොරතුරු ඔබට කියන්නත් අපි සුදානම්. කෙටි චිත්‍රපටකරණය සීග්‍රයෙන් ව්‍යාප්ත වන විෂයක්. විශේෂයෙන්ම ඉන්දියාව තුල තරුණ පිරිස තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට කෙටි චිත්‍රපට තෝරාගැනීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිර්මාණ විවිධ ඇගයීම් සම්මාන සඳහාත් සුදුසුකම් ලබනවා. Jayadeep Sarkar නිර්මාණය කළ Nayanathara’s Necklace කෙටි චිත්‍රපටයත් එවැන්නක්.

ඉන්දියානු කලාත්මක සිනමාවේදී හමුවන Konkana Sen Sharma මෙම කෙටි චිත්‍රපටයේ “නයනතාරා” ලෙස රංගනයේ යෙදෙනවා. Tillotama Shame සහ Gulshan Devaiah මෙහි අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

හැම මිනිසෙක් තුලම ෆැන්ටසියක් තිබෙනවා. ඒ ෆැන්ටසිය සමහර විට අපට හමුවන්නේ කවුරුන්හෝ හරහා විය හැකියි. ඒ පුද්ගලයා ජිවත් වන රටාව ඔහු ඇසුරු කරන තැන යන එන තැන ආදිය අපේ ජිවන රටාවට ආදේශ කරගන්න අපි උත්සාහ කරනවා. නමුත් ඇතුලාන්තය නොදැන මතුපිට ස්පර්ශයෙන් පමණක් කිසිවක් කෙරෙහි ලොල් වීම තුළ පැවැත්මක් තිබේද යන්න ගැන නැවත ප්‍රශ්නයක් මතු වෙනවා. තමා, තමා වීම මිස අනිකකු ලෙස පෙනී සිටීම ප්‍රායෝගික නොවන එක ආකාරයක් ගැන ගැඹුරු අදහසක් මේ කෙටි චිත්‍රපටය හරහා සාකච්ඡා කිරීමට නිර්මාණකරු උත්සාහ කොට තිබෙනවා.

Share

58 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.