ප්‍රවීණ රංගවේදිනි චිත්‍රා වාකිෂ්ට අවසන් ගමන් යයි
කෝපිකඩේ සොමිනෝනා ලෙස ජනතාව අතර ආදරය හිමිකරගත් ප්‍රවීණ රංගවේදිනි චිත්‍රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි. මියයන විට ඇය 83 වැනි වියේ පසුවිය.
සිරිසේන විමලවීර නිර්මාණය කළ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය, ගැහැණු ළමයි, කම්මුල් පාර, ඉරණම, පාලම යට, ගොළු හදවත, ලඟින් ගියොත් ඇහැක් නැහැ ඇතුළු චිත්‍රපට 150කට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදී තිබේ.
මෙරට පළමු වෘතාන්ත ටෙලිනාට්‍ය වන දිමුතු මුතු ටෙලිනාට්‍යයේ පටන් ටෙලි නිර්මාණ සඳහාද දායක වුනු ඇය කෝපිකඩේ සොමිනෝනා චරිතය සමග බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය විය. දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
Written by Nisanka Weheraduwa
