පුස්තකාල සුමිතුරෝ මාසික සිනමා දැක්ම
ජාතික පුස්තකාලය විවිධ ආකාරයෙන් ජනතාවගේ නැණ නුවණ වර්ධනය කිරීම උදෙසා කැපවන ආයතනයක්. පුස්තකාලය ආශ්‍රිතව ජාතික පුස්තකාල සුමිතුරෝ නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු වන්නේත් ඒ අරමුණින්මයි. ජාතික පුස්තකාල සුමිතුරෝ සංවිධානය සෑම මසකම මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. එහි අප්‍රේල් මාසය සඳහා වන පියවර අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කිරීමට සුදානම්.
2017 වර්ෂයේ නිර්මාණය වුනු ඇමරිකානු චිත්‍රපටයක් වන The mountain between us මෙවර සිනමා දැක්මේදී තිරගත කිරීමට නියමිතයි. Drama, romance, survive ලෙස චිත්‍රපටයට වර්ගීකරණය ලැබී තිබෙනවා. Hany Abu-Assad මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්වුණු Charles Martin රචනා කළ The mountain between us නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටය නිර්මාණ වුවා. නවකතාව චිත්‍රපටය සඳහා අනුවර්තනය කරමින් තිර පිටපත රචනා කලේ Chris Weitz සහ J.Mills Goodloe විසින්. හොලිවුඩ්හි ජනප්‍රිය රංගන ශිල්පින් යුවලක් වන Idris Elba සහ Kate Winslet චිත්‍රපටයේ ප්‍රධානන චරිත ද්විත්වය නිරුපනය කෙරෙනවා. ගුවන් අනතුරකට ලක්වන ඔවුන් දෙදෙනා ජනශුන්‍ය ප්‍රදේශයක හිමෙන් වැසුණු කඳු පන්තියක අතරමං වීමෙන් පසුව යළි සිය වාසස්ථාන දක්වා ඒමට කරනු ලබන දුෂ්කර වෑයම චිත්‍රපටයේ කතාව ලෙස නිරුපිතයි. විනාඩි 112ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය සඳහා වැයකළ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 35ක්.
එළඹෙන 24 වැනි අඟහරුවාදා සවස 4.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. සිනමා ලැදි ප්‍රේක්ෂකයින් වෙත පුස්තකාල සුමිතුරෝ විවෘත ආරාධනයක් සිදුකොට තිබෙනවා.
Written by Nisanka Weheraduwa
