මව් සෙනෙහස උඩුයටිකුරු කළ සොබාදහම
2004 වසරේ දෙසැම්බර් 26 කියන්නේ ලංකා ඉතිහාසයේ තිබුණු ශෝචනියම දවස් වලින් එකක්. එදා උදේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වසා ගනිමින් සුනාමි රළ පැතිර ගියා. ඇති විශාල ජිවිත ගණනක් බිලි ගනිමින් දේපළ හානි කරමින් පැතිරගිය සුනාමි ඛේදවාචකයේ අතුරු කතාවක් ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටයක් ගැනයි මේ කතාව. චිත්‍රපටයේ නමත් “සුනාමි”.
ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්. දර්ශන් ධර්මරාජ්, නිරංජනී ශාම්මුගරාජා, හිමාලි සයුරංගි සහ බිමල් ජයකොඩි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ නිළ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුනා. සිංහල, දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිර්මාණය කෙරුණු නිළ ප්‍රචාරක පටය අන්තර්ජාලයෙන් නැරඹිය හැකියි. ඒ වගේම, අති දැවැන්ත නිෂ්පාදනයක් වන “සුනාමි” චිත්‍රපටය ලබන වසරේ මුලදී ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව ලැබෙයි කියන පණිවිඩයත් නිෂ්පාදන කණ්ඩායම අපවෙත දන්වා සිටියා.
Written by Nisanka Weheraduwa
