මහජන පුස්තකාල මාසික සිනමා දැක්ම මෙවරත්
193 Views
0
Ratings
Rate it
කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරන සිනමා දැක්ම සහ සංවාදය මෙවරත් පැවැත්වීමට සුදානම්. ඔක්තෝබර් 18 වැනි සිකුරාදා සවස 2.00ට මහජන පුස්තකාලයේ උඩු මහලේ ශ්‍රවණාගාරයේ මේ චිත්‍රපට දැක්ම පැවැත්වෙනවා. මෙවර තිරගත කෙරෙන්නේ Not One Less නම් චීන චිත්‍රපටයක්. චිත්‍රපටය පිලිබඳ දේශනය සඳහා සිනමා විචාරක භූපති නලින් සහභාගී වීමට නියමිතයි.
1999 වසරේ තිරගත කෙරුණු Not One Less චිත්‍රපටය, චීනයේ පස්වැනි පරපුරේ සිනමාකරුවකු වන Zhang Yimou විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Wei Mnzhi සහ Zhang Huike ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය මැන්ඩරින් භාෂාවෙන් නිර්මාණය කෙරුණු විනාඩි 106ක ධාවන කාලයකින් යුක්ත වූවක්. සිනමාපටය නැරඹීමට සහ සංවාදයට එක්වීමට සංවිධායකයින් ඔබට, ඇරියුම් කරනවා.

193 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa
