මහමුහුද මැද අතරමංවූ ආදරයක් – Adrift
Tami Oldham සහ Richard Sharp අපූරු ආදරවන්තයන් දෙදෙනෙක්. මහසයුර එක්ක අපුරු ගනුදෙනුවක් තියෙන සාගරය එක්ක ජිවත් වෙන මේ දෙදෙනා සුන්දර ආදරවන්තයින් දෙපළක්. මේ දෙදෙනා මුහුණ දෙන සුන්දර වගේම ත්‍රාසජනක ජීවිත අත්දැකීම් එක්ක නිර්මාණය වුනු අපුරු චිත්‍රපටයක් දැන් තිරගත වනවා. චිත්‍රපටයේ නම Adrift. ඇමරිකානු ක්‍රියාදාම සහ ප්‍රේමාන්විත චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය හඳුන්වා තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Baltasar Kormakur විසින්. තිර රචනයට Aaron Kandell සහ JOrdan Kandell දායකවී තිබෙනවා. මේ චිත්‍රපට කතා තේමාවට පදනම් වී තිබෙන්නේ Red sky mourning නමැති සත්‍ය කතාවක්. මහසයුර මැද ආදරය, අහිමිවීම සහ පැවැත්ම කියන සාධක ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයෙන්ද කියන තේමාව මේ කතාව පුරාම විහිදෙනවා. චිත්‍රපටයට ප්‍රධාන චරිතය වන Dock worker Tami Oldham ලෙස රණගනයෙන් දායක වන්නේ Shailene Woodley. Richard Sharp ලෙස Sam Claflin රංගනයෙන් දායක වනවා. සාගරය මැද බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම් රැසකට මුහුණ දෙන මේ ආදරවන්තයින් යුවළ පිලිබඳ අපුරු කතාන්දරය මිනිත්තු 96ක කාලයක් පුරා රිදී තිරයේ දිගහැරෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වියදමින් නිර්මාණය කොට ඇති චිත්‍රපටය පිලිබඳ විශාල වශයෙන් ධනාත්මක විචාර ලැබී තිබෙන බව නිරීක්ෂණය කරන්නට හැකියාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa
