මහේෂ් බාබුගේ නැගණියගේ චරිතයට සායි පල්ලවී…

Avatar Kavinu Weerakkody | January 31, 2022 351 Views 0 Likes 0 Ratings

351 Views 0 Ratings Rate it

තෙළිඟු සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් කිහිප දෙනාව ලැයිස්තු ගත කළොත් Mahesh babu කියන්නේ එතන ඉහළින්ම දැකගන්න හැකි වන නමක්! රසික ජනප්‍රියත්වය, ඔහුගේ චිත්‍රපට ලබන ආදායම් සාර්ථකත්වය වගේම නිහතමානීකම අතිනුත් මහේෂ් බාබු ගැන නිතරම ඇහෙන්නේ සුබවාදී ප්‍රතිචාරයි. වර්තමාන දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම ප්‍රේක්ෂකගාරායක් සිටින රංගන ශිල්පියෙකු වුණත් Mahesh babu නිතරම චිත්‍රපටවලට සම්බන්ධ වන රංගන ශිල්පියෙකුත් නෙමෙයි. බොහෝ විට වසරකට සීමිත සිනමාපට ගණනකට පමණක් රංගනයෙන් සම්බන්ධ වෙන ඔහු 2015 වසරේ සිට මේ දක්වාම එක් වර්ෂයකදී සම්බන්ධ වී තිබෙන්නේ එක් නිර්මාණයකට පමණයි.

2015 – Srimanthudu
2016 – Brahmotsavam
2017 – Spyder
2018 – Bharat Ane Nenu
2019 – Maharshi
2020 – Sarileru Neekevvaru

2020 වසරේදී Sarileru Neekevvaru චිත්‍රපටයෙන් වසර 02කට පසුව මේ වනතෙක්ම මහේෂ් බාබුගේ අලුත් නිර්මාණයක් රසිකයින්ට දැකගන්න ලැබුණේ නැහැ. ඔහු රූපගත කිරීම්වලට සහභාගී වෙමින් සිටි Sarkaru Vaari Paata චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පවා කෝවිඩ් වසංගතයත් සමඟ තාවකාලිකව නැවතී ගියා. කෙසේ නමුත්, මේ වනවිට පසු නිෂ්පාදන කටයුතු සියල්ලම අවසන් කළ Sarkaru Vaari Paata සිනමාපටය එළඹෙන අප්‍රියෙල් මාසයේදී තිරගත කරන බවට දැනුම් දී තිබෙනවා.

නුදුරේදීම තිරගත වෙන මෙම Sarkaru Vaari Paata චිත්‍රපටයෙන් පසු මහේෂ් බාබු රංගනයෙන් එක්වන මීළඟ නිර්මාණය ගැන බොහෝ කාලයක සිටම ගොසිප් අඩවි විවිධ දේවල් වාර්තා කළත්, ඒ ගැන නිල නිවේදනයක් නිකුත් වුණේ මෑතකදී යි. ඒ අනුව Parasuram විසින් අධ්‍යක්ෂණය කරන Sarkaru Vaari Paataගෙන් පසුව Mahesh babu, තමන්ගේ නවතම නිර්මාණයට සම්බන්ධ වීමට නියමිතව තිබෙන්නේ ප්‍රවීණ තෙළිඟු සිනමා අධ්‍යක්ෂක Trivikram Srinivas සමඟයි.

චිත්‍රපටයේ නම තවමත් නිවේදනය නොකළත්, මහේෂ් බාබු රංගනයෙන් එක්වන 28වන චිත්‍රපටය නිසා දැනට මෙය හඳුන්වන්නේ SSMB 28 (Super Star Mahesh Babu – 28) නැමැති working titleය යටතේයි.

SSMB28 හි රූපගත කිරීම් ඇරඹීමට තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදී වූවත් කෝවිඩ් වසංගතය නිසා ඒ සියලුම සැලසුම් කල් දමන්නට සිදුව තිබෙනවා. පිළිගත් ඉන්දීය මූලාශ්‍ර බොහෝමයක් පසුගිය ඔක්කෝබර් මාසයේදී චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹෙන බවට පැවසුවත් රූපගත කිරීම් තවමත් අරඹන්නට නිෂ්පාදකයින්ට හැකියාව ලැබී නැහැ. නමුත් දැන් Sarileru Neekevvaru චිත්‍රපටය නුදුරේදීම තිරගත වන බවට තීරණය කර තිබෙන නිසා එළඹෙන මාර්තු මාසයෙන් පසු SSMB28 shootings ඇරඹීමටයි ඔවුන් සූදානම් වෙන්නේ.

එකම ප්‍රදේශයක දර්ශන තල තිබෙන ගීතයක් සහ ක්‍රියාදාම ජවනිකාවකින් රූපගත කිරීම් ඇරඹෙන SSMB28 සිනමාපටයේ ඇතැම් දර්ශන කිහිපයකට විදේශයකට පිටත්ව යෑමටත් ඔවුන්ට සිදු වනවා. එම overseas සිදුවීම් කිහිපය වෙනුවෙන් මාසයකට අධික කාලයක් වෙහෙසෙන්නට සිදු වනු ඇති බවටයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ…

SSMB 28 සිනමාපටයට සම්බන්ධ වන නලු නිළියන් පිරිස ගැන වැඩිදුර විස්තරයක් සොයා ගැනීමට නොහැකි වුණත් මෙහි ප්‍රධාන කාන්තා චරිතය Pooja Hedge විසින් රඟ දක්වනු ඇති බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා… මීට පෙර Maharshi සිනමාපටයේදීත් මහේෂ් බාබු සමඟින් ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළේ ඇයයි. 2012 වසරේදී සිනමාවට පිවිසි Pooja Hedge, Housefull 04 හින්දි සිනමාපටයේ සහ Ala Vaikunthapurramuloo තෙළිඟු සිනමාපටයේ දැවැන්ත සාර්ථකත්වයත් සමඟ ඉන්දියාවම වසඟයට ගත් නිළියක් බවට පත් වුනා.

පසුගිය වසර කිහිපයේදී දකුණු ඉන්දියාව තුළ මෙන්ම උතුරු ඉන්දියාව තුළ ද ඇගේ ජනප්‍රියත්වය ඉහළ ගිය අතර Prabas, Vijay, Ranveer Singh, Chiranjeevi ප්‍රධාන ශානරයේ බොහෝ රංගන ශිල්පීන් සමඟ රඟපාන්නට ඇයට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. Radhe Shyam, Acharya, Beast, Cirkus වැනි ඉන්දියාවේම කතාබහට ලක් වී තිබෙන high – budgeted projects රාශියක Heroine චරිතය ලැබී තිබෙන්නෙත් Poojaටයි.

කෙසේ නමුත් මලයාලම් නිළි Samayuktha Menon මෙහි ප්‍රධාන කාන්තා චරිතයට ගිවිසුම්ගතවී සිටින බවත් ඇතැම් තැන්වල සඳහන් වනවා…

පූජා සහ මහේෂ් හැරුණුකොට චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට සම්බන්ධ වන සෙසු රංගන ශිල්පීන් ගැන මෙතෙක් විස්තර අණාවරණය වී නොතිබුණත් පසුගිය සතියේදී Sai Pallaviගේ නමත් SSMB28 චිත්‍රපටයට ඈදුණා. ඒ චිත්‍රපටයේ ධාවන කාලයයෙන් වැදගත් චරිතයක් සඳහා සායි පල්ලවි තෝරා ගැනීමට සූදානම් බව සැලවීමත් සමඟයි. තෙළිඟු මාධ්‍ය වාර්තා කරන අන්දමට නම් මෙය මහේෂ් බාබුගේ ලාබාල සහෝදරියකගේ චරිතයක්. නමුත් මේ ගැන කිසිදු නිල නිවේදනයක් තවමත් නිවේදනය කර නැහැ. නැගණියකගේ චරිතයක් නිසා Sai Pallavi මීට යම් අකමැත්තක් දක්වා තිබෙන බවත් ඔවුන් පවසනවා. චරිතය සඳහා තවමත් ඇය ගිවිසුම්ගත වී නොමැති නමුත්, anticipated නිර්මාණයක් නිසා ඇය මෙම අවස්ථාව මඟ නොහරීවි කියලයි බොහෝ දෙනෙකු අදහස් දක්වන්නේ…

Pooja Hedge සහ Sai Pallaviට අමතරව බොලිවුඩ් රංගන ශිල්පී Sunil Shetty ද SSMB28 ශිල්පීන් ලැයිස්තුවේ දැකගන්න පුලුවන්. උතුරු ඉන්දියානු චරිතයකින් චිත්‍රපටයට ප්‍රවිශ්ට වන ඔහු මහේෂ් බාබුට ප්‍රතිවීර චරිතය නිරූපණය කරන බවකුත් පැවැසෙනවා. නිෂ්පාදක Naga Vamsi වරෙක මාධ්‍යයට පවසා තිබුණේ මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට අදහස් කළේ මීට වසර 05කට පමණ පෙරදී බවයි. නමුත් දැන් හෝ මෙහි වැඩ කටයුතු ආරම්භ වීම පිළිබඳව ඔහු සතුටු වන බවත් එහිදී පවසා තිබුනා.

සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වන්නේ අතිදක්ෂ සංගීතවේදියෙකු වන S Thamanයි. Dookudu, Tholi Prema, Kanchana, Golmaal Again, Simmba වැනි ජනප්‍රිය ඉන්දීය සිනමාපට ගණනාවකට සංගීතයෙන් සම්බන්ධ වූ ඔහු Ala Vaikunthapurramuloo තෙළිගු චිත්‍රපටයේ ගීත ඇල්බමය නිසා වරෙක මුලු දකුණු ආසියානු කලාපයේම කතාබහට ලක් වුනා. එය සැලකෙන්නේ මෙතෙක් ඉතිහාසයේ නිකුත් වී තිබෙන ජනප්‍රියම තෙළිඟු සිනමාපට ඇල්බමයක් විදිහටයි.

රංගන ශිල්පී මහේෂ් බාබු – අධ්‍යක්ෂක ත්‍රිවික්‍රම් සුසංයෝගයෙන් බිහිවන පළමු සිනමාපටය නම් SSMB28 නොවෙයි. මීට පෙර අවස්ථා දෙකකදීම ඔවුන් දෙදෙනා එක්ව වැඩ කළා. 2005 වසරේ තිරගත වූ අධ්‍යක්ෂක Trivikramගේ දෙවන සිනමාපටය Athadu මෙන්ම, 2010දී නිකුත් වූ Khaleja චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ද Mahesh Babu විසිනුයි. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට SSMB28 චිත්‍රපටයත්, මෙම Athadu – Khaleja කැටගරියෙන්ම නමුත් ඊට වඩා පුළුල් ක්‍රියාදාම සහිතව නිෂ්පාදනය කරන්නටයි අධ්‍යක්ෂකවරයාගේ සැලසුම වී තිබෙන්නේ

ඒ චිත්‍රපට ද්විත්වයම සාර්ථක ආදායමක් රැස් කරගැනීමට හැකි වුණු නිර්මාණ නොවෙයි. සිනමාශාලාවට පැමිණෙන ප්‍රේක්ෂකයින් පිනවන්නට තරම් entertaining ගතියක් ඒ චිත්‍රපටවල තිබුනේ නැහැ. නමුත් තිරගත වීමෙන් බොහෝ කාලයකට පසුව රසිකයින් අතරේ දැවැන්ත ආකර්ෂණයක් දිනා ගන්නට නිර්මාණ දෙකටම හැකියාව ලැබුනා. ඒ නිසාම Athadu සහ Khaleja කියන්නේ තෙළිඟු සිනමාවෙන් බිහිවූ Cult Classics වශයෙන් අදටත් හඳුන්වනවා.

ඉන් වසර 11කට පසුව Mahesh Babu – Trivikram Srinivas සුසංයෝගය නැවතත් දකුණු ඉන්දීය සිනමාවම කළඹන තෙක් මිලියන ගණනක් වූ සිනමා රසිකයින් තවමත් බලා සිටිනවා…

Share

351 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.