මොරටු සරසවියෙන් “අසනි” කලා උළෙල මෙවරත්
මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් NDT ශිෂ්‍ය සංගමය සංවිධාන කරන “අසනි” කලා උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. “අසනු බිහිදොර මිහිරි රාවය” තේමාව යටතේ මෙවරත් කලා උළෙල පැවැත්වීමට නියමිතයි. උසස් රසවින්දනයෙන් යුතු මානව ප්‍රජාවක් බිහිකිරීම, සමාජ සේවය උදෙසා කලා භාවිතය සමාජගත කිරීම, සමාජ අවශ්‍යතා සහ අර්බුධ කෙරෙහි සංවේදී ප්‍රජාවක් බිහි කිරීම අරමුණු කරගනිමින් “අසනි 2019” පැවැත්වෙනු ඇති.
2019 ඔක්තෝබර් 14 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙම කලා උළෙලේ විවිධාංග ඉදිරිපත් කිරීමට නියමිතයි.
පළමු දිනය (ඔක්තෝබර් 14)
විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ චායාරුප තරගයක්, කාව්‍ය තරගයක් සහ චිත්‍ර තරගයක් පැවැත්වෙනු ඇති. සම්මානිත වේදිකා නාට්‍යක් වේදිකාගත කිරීම එදින සන්ධ්‍යාවේ සිදුවේ.
දෙවැනි දිනය (ඔක්තෝබර් 16)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ කලා කුසලතා එළිදැක්වීමේ ප්‍රසංගයක් පැවැත්වේ. ඊට සමගාමිව චිත්‍ර සහ කවි තරගයේ ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රධානය සිදුකෙරේ.
තෙවැනි දිනය (ඔක්තෝබර් 18)
නාද වාදය වෘන්දය සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සුදානම් කොට තිබේ. ආත්මා ලියනගේ, උමාරියා සිංහවංශ, සංඛ දිනෙත් මෙම ප්‍රසංගයේ ගීත ගායනයට එක්වනු ඇති.
වැඩසටහනට සමගාමිව අන්ධ විද්‍යාලයට ආධාර ලබාදීමද සිදුකිරීමට සංවිධායකයින් අපේක්ෂා කරයි. කලාවට ලදී ඔබට මෙම කලා උළෙල සමග එක්වන ලෙස සංවිධායකයින් ඇරියුම් කර සිටී.
Written by Nisanka Weheraduwa
