රන්වීර් සිං කාන්තා දිනයට සායක් අඳියි
බොලිවුඩ් නළු රන්වීර් සිං මේ දිනවල බොලිවුඩ් වගේම ලෝකය පුරාමත් හින්දි සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලය පුරාම ඔහු රංගනයේ යෙදුනු චිත්‍රපට අතිශය ජනප්‍රිය වුවා සේම මේ දිනවල තිරගත වන පද්මාවත් චිත්‍රපටයත් මීට ප්‍රබල හේතුවක්. පද්මාවත් චිත්‍රපටයේ ඔහු රඟපාන චරිතය අතිශය සාර්ථක අයුරින් ඉදිරිපත් කරන බවයි විචාරා මතය වී තිබෙන්නේ. කෙසේ නමුත් රන්විර් සිං කොළ පැහැති wrap-arround සායකින් සැරසී සිටිනු දැක්වෙන චායාරුප පෙළක් අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තව ගියා.
දැනට බොලිවුඩ් නිෂ්පාදනයක වැඩකටයුතු අතරතුර සිටින බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා Snap chat හරහා රන්විර් අමතමින් මේ පින්තුරය ගැන විමසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඊට පිළිතුරු දෙමින් රන්වීර් පවසා තිබුනේ කාන්තා දිනය සැමරීම වෙනුවෙන් තමන් මේ ක්‍රියාව සිදුකළ බවයි. Gully Boy චිත්‍රපටයේ අධ්‍යක්ෂ Zoya Akhtar සිය චිත්‍රපට කණ්ඩායමේ සියල්ලෝම ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 වැනිදා සායකින් සැරසිය යුතුයි යෝජනා කොට තිබෙනවා. සියලු සාමාජිකයින් එම යෝජනාව අනුමත කළ බවත් කැමරා, ආලෝකකරණ සහය ශිල්පින් ඇතුළු සියලුම ගැහැණු පිරිමි සාමාජිකයින් එදින සායකින් සැරසී සිටි බව රන්වීර් පවසා තිබුනා.
Zoyaගේ තීරණය අගය කළ ප්‍රියංකා, රන්වීර් මිට පෙර Bajirao Mastani චිත්‍රපටය සඳහා සායක් ඇඳසිටි බව සිහිපත් කළා. ඊට සිනහවකින් පිළිතුරු දුන් රන්විර් පවසා තිබුනේ “Real men wear skirts” යනුවෙනුයි.
Written by Nisanka Weheraduwa





