රාණි මුඛර්ජි වීදි බසියි

Avatar Nisanka Weheraduwa | March 12, 2018 178 Views 0 Likes 0 Ratings

178 Views 0 Ratings Rate it

බොලිවුඩ් නිළි රාණි මුඛර්ජි නගරයෙන් නගරයට යාමට සුදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇගේ නවතම සිනමාපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි. Yash Raj Films බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය HIchki ලෙස නම්කොට තිබෙනවා. Siddharth Malhotra විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට තිර රචනය සඳහා siddharth සමග Anckur Chaudhry දායක වී තිබෙනවා. Rani mukharjiගේ ස්වාමියා වන Adithya Chopra සිනමාපටය නිෂ්පාදනය කොට තිබෙනවා. 39 හැවිරිදි Naina Mathur ගුරුවරියක වීමේ දැඩි ආශාවකින් පෙලෙන කාන්තාවක්. නමුත් ඇයට ගැටළුවක් වන්නේ කුඩාකළ පටන් අය පෙලෙන Tourette Syndrome නම් ස්නායු ආබාධයයි. ජිවිතයට අභියෝගයක් වන Naina ගුරුවරියක් ලෙස ඉගැන්වීම් ආරම්භ කරනුයේ පහත් මට්ටමේ යයි සැලකෙන පාසලක දඩබ්බර සිසුන් සිටින පන්තියකිනුයි. ඇගේ ගුරු වෘතිය ඇයට මුහුණ දීමට සිදුවූ අභියෝගය ජයග්‍රහණය කරා ගෙනයන අයුරු සිනමාපටය හරහා ගෙන එනවා.

චිත්‍රපටයේ තිරගත කිරීම් මේ මස ආරම්භ වන බව Yash Raj Films නිවේදනය කොට තිබෙනවා. එහි පුර්ව ප්‍රචාරක කටයුතු සඳහා රාණි මුඛර්ජි නගරයෙන් නගරයට යාමට සූදානම් බව පැවසෙනවා. අහමදාබාද් නගරයෙන් මේ කටයුත්ත ආරම්භ කෙරෙන බවයි ඇය පවසා තිබුනේ. තවත් නගර අටක සිය ප්‍රේක්ෂකයින් සහ පාසල් සිසුන් හමුවීමට තමා අදහස් කරන බවත් රාණි පවසා තිබුනා. නෙයිනාගේ සාර්ථකත්වය වෙනුවෙන රංගන ශිල්පිනියක් ලෙස මෙලෙස ප්‍රචාරණ කටයුතු සඳහා නගරයෙන් නගරයට යාම අතිශය සුභවාදී කටයුත්තක් මෙන්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට එය මහත් රුකුලක් බවත් විචාරකයින් පවසා තිබුනා.

Share

178 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.