රිදී තිරයේ කේමදාස සළකුණ – ඔබත් විඳින්න
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත නිමාණය කළ සිනමාපට උළලක් කොලඹදී පැවැත්වෙන බව මීට පෙර අපි, cinema.lk පාඨක ඔබ දැනුවත් කළා. සිනමාවිල කැළඹූ ගාන්ධර්වායාණෝ (Master in silver screen) නමින් පැවැත්වෙන මේ සිනමා උළෙලේදී ඔබට රසවිඳිය හැකි සිනමාපට පිළිබඳව තොරතුරු ලබා දෙන්නත් අපි සූදානම්. ඔබට වඩාත් කැමැත්තෙන් රසවිඳිය හැකි සිනමාපටය තෝරා ගන්නත් ඔබට මෙය පහසුවක් වේවි.
ගොළු හදවත – 1968
60 දශකයේදී කරුණාසේන ජයලත් රචනා කළ ගොළු හදවත නවකතාව පාඨකයන් අතර විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්තා. පාසල් වියේ පටන් හටගත් ප්‍රේමයක් ගැන කියවුනු අපූරු ආදර කතාවක් වුනු ගොළු හදවත සිනමාවට නගන්න තීරණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්. 1962දී ප්‍රකාශයට පත්වුනු ගොළු හදවත නවකතාව, සිනමාපටයක් ලෙස තිරගත වුනේ 1968දී. රෙජී සිරිවර්ධන සිනමාපටයට තිර රචනයෙන් දායක වුනා. එම්. එස්. ආනන්දන් මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වුනා. එවකට ජනප්‍රිය නළු-නිළි යුවලක් වූ වික්‍රම බෝගොඩ සහ අනුලා කරුණාතිලක මේ චිත්‍රපටයේ ධම්මි සහ සුගත් ලෙස නිරූපනය කළ චරිත දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක සිත්වල රැඳී තිබුණා. එම වසරේ සරසවි සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය ලෙසත්, හොඳම අධ්‍යක්ෂණය ලෙසත් සම්මාන ලබාගන්න ගොළු හදවත සිනමාපටයට හැකියාව ලැබුණා. අනුලා කරුණාතිලක, ධම්මි චරිතය සඳහා හොඳම නිලිය ලෙස සරසවි සම්මානයට පාත්‍ර වුනා.
චිත්‍රපටයේ විශේෂ අවධානයක් දිනාගත් කොටසක් වුනේ එහි සංගීතය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අපූරු හැඩතල සහිත සංගීත වියමනක් සිනමාපටයට එකතු කළා. සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න එක්ව ගැයූ ආදරෙයි මම ආදරෙයි වැනි ගීත සිනමා රසිකයින් අතර දශක ගණනාවක් යන තුරුත් ජනප්‍රියව පැවතීම ඒ සංගීත නිර්මාණයන්හි විශිෂ්ටත්වයට සාක්ෂියක්.
ආචාර්ය කේමදාසයන් වෙනුවෙන් පවත්වන සිනමා උළෙලේදී මේ සුවිශේෂී සිනමාපටය නැරඹීමටත් සිනමා රසිකයින්ට අවස්ථාව උදා වනවා.
Written by Nisanka Weheraduwa

