ලින්ටන් සේමගේ ඇමරිකාවේදී සම්මාන ලබයි
ශ්‍රී ලාංකීය රංගන ශිල්පියකු සහ නිර්මාණවේදියකු වන ලින්ටන් සේමගේ නවතම චිත්‍රපටයක් නිර්මාණය කොට තිබෙනවා. ඒ අමරිකාවෙදියි. ඇමරිකාවේ ජිවත් වන සේමගේ මිට පෙරත් චිත්‍රපටයක් නිර්මාණය කොට තිබුනා. Blue නමින් මීට පෙර නිර්මාණය කළ චිත්‍රපටයෙන් අනතුරුව ඔහු යළිත් චිත්‍රපටයක් නිර්මාණය කොට තිබෙනවා. එය “You” ලෙස නම්කොට නිෂ්පාදනය කෙරුනා. මෙම චිත්‍රපටය සඳහා ලොස්ඇන්ජලීස් නුවරදී සම්මානයක් හිමිව තිබෙනවා. Los-Anglies Independent Filmmakers showcase සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා ලින්ටන් සේමගේ මෙලෙස සම්මාන ලබා තිබෙනවා. ලොස් ඇන්ජලීස්හි Grow pasipic theaterහිදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා.
ලින්ටන් සේමගේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් නළුවකු බවට පත්වුණේ පාදඩයා චිත්‍රපටය හරහායි. පාදඩයා සහ මගේ වම් අත චිත්‍රපට හරහා ඔහු ලංකේය සිනමාවේ කතාබහට ලක්වුණු පුද්ගලයකු බවට පත්වුනා. ඇමරිකාවේ ජිවත් වන ලින්ටන් එහි සිට දිගින් දිගටම චිත්‍රපටකරණයේ නිරත වනවා.
Written by Nisanka Weheraduwa

