වම් ඉවුරේ සිනමාවලෝකනය – වාර්තා චිත්‍රපට දැක්ම
“වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් කොළඹදී සංවිධාන කෙරෙනවා. දෙසැම්බර් 17 වැනිදා සවස 6.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව පැවැත්වෙන සංවාදය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක, ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවාරච්චි, රවින්ද්‍ර ගුරුගේ, ප්‍රසන්න විතානගේ, රවිබන්දු විද්‍යාපති, බූඩි කීර්තිසේන, ප්‍රසන්න ජයකොඩි යන ශිල්පී ශිල්පිනියන් සහභාගී වීමට නියමිතයි. සංවාද මෙහෙයවීම ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්.ජයසිරි විසින් සිදුකෙරෙනවා.
වම් ඉවුරේ සිනමාවලෝකනය වාර්තා චිත්‍රපටය පිලිබඳ ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායකයන් මෙලෙස පවසා තිබුනා. “පතිරාජ, වසන්ත සමග සමසුන් ගනිමින් ලාංකීය සිනමාවෙහි වම් ඉවුර පෝෂණය කළ සිනමා සිත්තරා ධර්මසිරි බණ්ඩාරනායක බැව් අවිවාදිතය. ප්‍රතිබිම්බ කලාවෙහි රූප සෞන්දර්යයට දේශපාලන මුහුන් යෙදූ, ලාංකීය සිනමාවෙහි නව හැරවුමක් උදෙසා නිර්භයව මැදිහත්වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලෙහි සිට බව කර්ම දක්වා සිනමා සැරියෙහි අක්මුල් සොයා යන —වම් ඉවුරේ සිනමාවලෝකනය˜ වාර්තාමය සිනමා පටය වඩාත් වැදගත් වන්නේ වර්තමාන පරපුරට පමණක් නොව, අතීත සිනමාව පිළිබඳව අධ්‍යයනය
කරන්නට පෙළඹෙන අනාගත පරපුරට ද මෙම වර්තා චිත්‍රපටය එකසේ වැදගත් වනු ඇත”
මෙම වැඩසටහනට පැමිණ “වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය විඳින්නට එක්වන ලෙස සිනමාලෝලි සැමට ඇරියුම් කෙරෙනවා. සවස 5.45 වනවිට පැමිණ අසුන් ගන්නා ලෙස සංවිධායකයින් ඉල්ලා සිටිනවා.

Written by Nisanka Weheraduwa
