වයසට නොයන ශ්‍රීදෙවි
සාමාන්‍යෙන් කියන්නේ කාන්තාවන්ගෙන් වයස අහන්න එපා කියලයි. විශේෂයෙන්ම නිළියන්ගෙන් සහ අනිකුත් ප්‍රසිද්ධ අයගෙන්. නමුත් ඒ අයගේ ප්‍රසිද්දිය නිසාම වයස සඟවා ගැනීමත් අසීරුයි. ඒ කොහොම උනත් 90 දශකයේ බොලිවුඩ් පුරයේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රිය වුනු ශ්‍රිදෙවී වයසට යන්නෙම නැති කෙනෙක් බව බොලිවුඩ්හි ප්‍රසිද්ද රහසක්. නමුත් මිට සත්‍යම හේතුව ඇය ප්ලාස්ටික් සැත්කමක් මගින් තරුණ පෙනුම රැකගැනීමට කටයුතු කිරීම බව තතු දන්නා අය පවසනවා. කෙසේ වෙතත් මෑතකදී සඟරාවක් සඳහා රූපගත කිරීමකට සහභාගී වුනු ශ්‍රීදේවිගේ පින්තුර දකින ඕනෑම කෙනෙක් අගේ වයස තවම 25-30 යයි සිතුවොත් පුදුමයක් නැහැ. නමුත් ඇගේ සැබෑ වයස 52ක්.
Written by Nisanka Weheraduwa







