විෂ්ණු වාසුගේ අලුත්ම වාර්තා චිත්‍රපටය තරංගනියෙදී

Avatar Nisanka Weheraduwa | November 12, 2018 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

විෂ්ණු වාසු අධ්‍යක්ෂණය කළ තුන්වැනි වාර්තා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට සුදානම්. නොවැම්බර් 14 වැනිදා, බදාදා සවස 2.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටය නම්කොට තිබෙන්නේ “Handful of leaves” නමින්.

Vishnu Vasu අතින් මීට පෙර වාර්තා චිත්‍රපට දෙකක් ඇතුළු තවත් නිර්මාණ රැසක් බිහිව තිබෙනවා. Gandhi’s children නමින් ඔහු ඔහුගේ පළමු වාර්තා චිත්‍රපටය නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ 30 වසරක යුද්ධයට සම්බන්ධ වුනු ළමා සොල්දාදුවන් පිළිබඳව ඔහු සිය දෙවැනි නිර්මාණය “Butterfly” නමින් නිර්මාණය කළා. එමෙන්ම ඔහු සිය සංගීතමය නිර්මාණ කටයුතු සමග ලොව වටා සංචාරය කරමින් ප්‍රසංග සඳහා සහභාගී වූ සංගීතවේදියෙක්. විෂ්ණුගේ මෙම වාර්තා චිත්‍රපටය තිරගත කිරීමේ අවස්ථාවට සහභාගී වන ලෙස ඔහු සිනමා රසිකයින් වෙත විවෘත ආරාධනයක් කරනවා.

Share

83 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.