විසාකේසගේ “පාංශු” අගෝස්තු මස අගදී
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු මස අගදී තිරගතවීම් අරඹන බව පැවසෙනවා. දිවයින පුරා පිහිටි රිද්ම මණ්ඩලයේ සිනමාහල් වලදී චිත්‍රපටය තිරගත වනු ඇති.
2019 ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු සමග ජගත් මනුවරණ, නදී කම්මැල්ලවීර, සේවියර් කනිෂ්ක, මයුර කාංචන, ගයාන් ලක්රුවන්, රන්දික ගුණතිලක, කුමුදු කුමාරසිංහ, ග්‍රේස් තෙන්නකෝන් ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා.
ජාත්‍යන්තර සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කළ මේ චිත්‍රපටය;
* රෝයල් රීල් සම්මාන – කැනඩියානු ජාත්‍යන්තර සිනමා උළෙල 2019 – කැනඩාව
* හොඳම ඇඳුම් නිර්මාණය – නීස් නීස් ජාත්‍යන්තර සිනමා උළෙල 2019 – ප්‍රංශය
* හොඳම සහය නළුවා – කනිෂ්ක සේවියර් – ගෝල්ඩන් ඩොර් ජාත්‍යන්තර සිනමා උළෙල 2019 – ඇමරිකා එක්සත් ජනපදය
* ජුරි සම්මානය – රිලිජස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල – 2019 – ඉතාලිය, වැනි ජාත්‍යන්තර සම්මාන දිනාගැනීමට සමත්ව තිබෙනවා.
චින්තක ලක්මාල් සංගීත නිර්මාණයෙන්, සිතුම් සමරජීව සංස්කරණයෙන්, දිමුතු කාලිංග දහනායක කැමරා අධ්‍යක්ෂණයෙන්, කුමාර කරව්දෙනිය කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් මේ චිත්‍රපටයට දායකත්වය දැක්වුවා.
පාංශු – අගෝස්තු මස අගදී – ඔබට ලඟම සිනමාහලෙන්…
Written by Nisanka Weheraduwa
