ස්වරූප – ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය
ශ්‍රී ලාංකීය සිනමාවේ දශක 4කට අධික කාලයක් තිස්සේ සිය නිර්මාණකරණයේ යෙදෙන ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමාපටය 06 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරුණා. රිත්මා මණ්ඩලයේ සිනමාහල් වල මේ නවතම චිත්‍රපටය වන “ස්වරූප” තිරගත වනවා. ලෝකප්‍රකට නවකතා සහ කෙටිකතා රචක Franz Kafkaගේ කෙටිකතාවක් වන The Metamorphasis ඇසුරින් මෙම සිනමාපටය නිර්මානය කොට තිබෙනවා. එරික් ඉලයප්පෙආරච්චි සහ ආචාර්ය පතිරාජ එක්ව මෙම සිනමාපටයේ තිර රචනය සිදුකළා. සංගීත නිර්මාණය නදීක ගුරුගේගෙන්. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ ස්වරූප සඳහා එල්මෝ හැලිඩේ සංස්කරණයෙන් දායක වුනා. ස්වරූප මොහාන් මාබොටුවනගේ නිෂ්පාදනයක්. ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි, නීටා ප්‍රනාන්දු, ප්‍රියා රණසිංහ, චමිලා පීරිස්, තුසිත ලක්නාත්, විමල් කුමාරද කොස්තා ඇතුළු ශිල්පීන් රැසක් රංගන දායකත්වය සපයන “ස්වරූප” දිවයින පුරා රිත්මා මණ්ඩලයේ සිනමාහල්වලදී දැන් නැරඹිය හැකියි.
Written by Nisanka Weheraduwa

