සේවියර් කණිෂ්කට ජාත්‍යන්තර සම්මානයක්.
විසාකේස චන්ද්‍රෙස්කරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටයේ රඟපෑ සේවියර් කණිෂ්ක රංගන ශිල්පියාට ජාත්‍යන්තර සම්මාන උළෙලක හොඳම සහය නළුවාට හිමි සම්මානය පිරිනමා තිබෙනවා. අමෙරිකාවේ නිව් ජර්සි නුවර පැවැත්වෙන ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වුණා. ඊට අමතරව හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහාය නිළිය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිරරචනය, හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය ලෙසින් තවත් සම්මාන 8 ක් සඳහා “පාංශු” චිත්‍රපටය නිර්දේශ වුනා.
2010 වසරේ දී රංගන ශිල්පී බිල් සෝවිනෝගේ මුලිකත්වයෙන් ඇරඹි “ගෝල්ඩන් ඩෝර්” සිනමා උළෙල මෙවර සැප්තැම්බර් 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ඇමරිකාවේ දී පැවැත්වුනා.
විසාකේස චන්ද්‍රෙක්සරම්ගේ දෙවැනි වෘතාන්ත චිත්‍රපටය වන “පාංශු” 1988 -89 දේශපාලන අරගල ඇතිවූ සමයේ සිදුවුණු සමාජ දේශපාලනික සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූවක්. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ප්‍රවීණ රංගවේදිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක වුනා. මීට පෙර ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ “පාංශු” චිත්‍රපටයේ බබානෝනාගේ චරිතය රඟපෑම වෙනුවෙන්. මයුර කාංචන, නදී කම්මැල්ලවීර, ගයාන් ලක්රුවන්, ජගත් මනුවර්ණ ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය විසාකේසගේම තිර රචනයක්.
Written by Nisanka Weheraduwa
