සෝණා (Soona) දැන් තිරගත වේ – මියෝනා ඩි සිල්වා – වසන්ත කුමාරවිල ප්‍රධාන රංගනයෙන්

Avatar Kavinu Weerakkody | May 14, 2025 473 Views 0 Likes 5 On 1 Rating

473 Views 5 On 1 Rating Rate it

ආදරය – ත්‍රාසය – භීතිය මුසු වුනු, පවුලේ සැමට නැරඹිය හැකි නවතම සිංහල සිනමාපටයක් පසුගිය මැයි 09 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමා හල්වල තිරගත වීම ඇරඹුනා.

ඒ මියෝනා ඩි සිල්වා ප්‍රධාන චරිතය රඟන, ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා (Soona) ලාංකීය චිත්‍රපටයයි.

සටන් ජවනිකා වලටම මූලිකත්වය ලබා දෙන, Action Thriller ශානරයේ ක්‍රියාදාම චිත්‍රපට අපට ලංකාවේ සිනමාවෙන් එතරම් දැකගන්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාවක් වටා ගෙතුනු women centric ඇක්ෂන් චිත්‍රපට ඊටත් වඩා අවමයි.

ඒ නිහැඬියාවට තිතක් තබමින්, කාලකට පසුව ගුණාත්මක තත්වයේ ලාංකීය Action සිනමාපටයක නැවුම් අත්දැකීම ඔබට ලබා දෙන්නට සෝණා චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා.

පහත සබැඳියෙන් ඔබට සෝණා සිනමාපටයෙ හි නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්නට පුලුවන්.

සෝණා (Soona) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන මියෝනා ඩි සිල්වා යි. නිරූපණ ශිල්පිනියක ලෙසින් ක්ෂේත්‍රයට එකතු වන ඇය ඉන්පසුව ටෙලි නාට්‍ය රැසකටත් රංගනයෙන් එකතු වුනා. මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට ඇය සමීප වනවා.

මියෝනා සමඟින් මේ චිත්‍රපටයේ අනෙත් ප්‍රධාන චරිතය රඟපාන්නේ මෙරට සිටින දක්ෂ චරිතාංග නලුවෙකු වන වසන්ත කුමාරවිලයි. රෝස ආදරේ – කදිර දිව්‍යරාජ – ද නිවුස්පේපර් – මායා – රන් සයුර – මහරජ අජාසත් ඇතුලු සිනමාපට ගණනාවකට රංගනයෙන් එකතු වූ ඔහු ලාංකීය සිනමාවේ සිටින ප්‍රවීණ සටන් අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.

ඒ සමඟින් මොරින් චාරුනි, අනුරාධ මල්ලවආරච්චි, උපතිස්ස බාලසූරිය, පැතුම් විදානගමගේ, කසුන් දුශ්‍යන්ත, දිල්කි දිසානායක, ගාවින්ද නවරත්න, ආරියසේන ගමගේ ඇතුලු පිරිසක් චිත්‍රපටයේ සහාය රංගනයෙන් සම්බන්ධ වනවා.

මෙය ශාන් ජයරත්නගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. සෝණා නිෂ්පාදනය කරන්නේ MaheeTharu Productions විසිනි. සෝණා ශාන් ජයරත්නගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර, මෙය කිසිදු විදේශීය චිත්‍රපටයක ප්‍රනිනිර්මාණයක් නොවන බවට අධ්‍යක්ෂකවරයා විසින්ම පවසා සිටියා. සෝණා චිත්‍රපටයට පෙර ශාන් ජයරත්න ටෙලි නාට්‍ය නිර්මාණකරණයට පිවිසුනු අතර පසුගිය කාලයේ ජනප්‍රිය ටෙලි වෘතාන්තයක් වූ ‘අක්ෂි’ කතාමාලාව අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනුයි.

ප්‍රියනාත් විදානපතිරණ – නිලංක ඇලෙක්සැන්ඩර් එකතුවෙන් චිත්‍රපටයේ තිර පිටපත රචනා වූ අතර චානක සංජීව විසින් කැමරාකරණය සිදු කළා. මෙහි සටන් අධ්‍යක්ෂණය සිදු කළේ රංගන ශිල්පී වසන්ත කුමාරවිල විසින්මයි. තරිඳු ආරච්චිගේ සහාය අධ්‍යක්ෂණයෙන් සහ චමීර සම්පත් අංග රචනයෙන් සම්බන්ධ වුනා.

සෝණා විහඟ මුතුතන්ත්‍රිගේ සංගීත අධ්‍යක්ෂණයකි. ශබ්ද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහයි. ගිශාන් ප්‍රභාත් සංස්කරණය සිදු කළා. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙනි. VFX චමින්ද ජයවර්ධනගෙනි. කලා අධ්‍යක්ෂණය නාලක සිරිවර්ධනගෙනි.

Regal, Savoy, ලයිට් සිනමා ඇතුලු දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට දැන් සෝණා චිත්‍රපටය නරඹන්නට පුලුවන්.

කලකට පසුව ලාංකීය සිනමාවට එක්වන ගුණාත්මක ක්‍රියාදාම චිත්‍රපටයක් නැරඹීමට ලැබෙන මේ අවස්ථාව නම් මඟ හැරගන්නට එපා!

Share

473 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.