හොලිවුඩ් ගිය බොලිවුඩ් නිළි ප්‍රියංකා විවාහ වෙයි
බොලිවුඩ් නිළියක් ලෙස සිනමාවට අවතීර්ණව හොලිවුඩ් නිළියක් ලෙසින්ද රසික ආදරය හිමිකර ගත් ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගෙන තිබෙනවා. ඇය මෙලෙස විවාහ වී ඇත්තේ ඇමෙරිකානු ගායකයකු වන Nick Jonas සමගින්. ප්‍රියංකා සහ නික්ගේ විවාහය මුම්බායිහිදී පැවැත්වුණු බව බොලිවුඩ් වාර්තා සඳහන් කරා.
2000 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමෙන් අනතුරුව ප්‍රියංකා සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වුනා. හින්දි චිත්‍රපට සඳහා වැඩි වශයෙන් දායක වූ ඇය, නිරුපණය කළ චරිත සියල්ලම පාහේ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගැනීමට සමත් වුනා. අනතුරුව හොලිවුඩ් නිර්මාණ සඳහා දායක වීමේ අවස්ථාව උදා කරගත් ප්‍රියංකා ඇමෙරිකානු චිත්‍රපට සහ රූපවාහිනී මාලා නාටක සඳහාද දායකව තිබෙනවා. ඇමරිකානු ගායක Nick JOnas සමග ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා ගෙනයාමට ප්‍රියංකා සමත්ව තිබෙනවා.
Written by Nisanka Weheraduwa







