හොලිවුඩ් ළමා නළුවාගේ මළ සිරුර ඔහුගේ පාසලට නුදුරින් හමුවෙයි.
Our Idiot Brother වැනි සිනමාපට තුළින් අතිශය ජනාදරයට පත් ළමා රංගන ශිල්පි Matthew Mindlerගේ මළ සිරුර පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Millersville Universityයට ආසන්න ප්‍රදේශයකදී ඊයේ සොයාගෙන තිබෙනවා. මිය යන විට 19 වන වියෙහි පසු වූ ඔහු දින කිහිපයක සිට අතුරුදහන්ව සිටි බවත් සඳහන්. Millersville Universityයේ පළමු වසර සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි Matthew Mindlerගේ මෙම මරණය ස්වාභාවික මරණයක්ද නැතිනම් මිනීමැරුමක්ද යන්න තවමත් සනාථ වී නැහැ.
“It is with a grieving heart that I let you know of the death of 19-year-old Matthew Mindler from Hellertown, Pennsylvania, a first-year student at Millersville University. A search had been underway for Matthew since Thursday after he was reported missing. Matthew was found deceased this morning, Saturday, August 28, in Manor Township near campus.”
පෙන්සිල්වේනියා උසස් පාසල නිළ නිවේදනයක් නිකුත් කරමින් එසේ තම කණගාටුව ප්‍රකාශ කළා.
2009 වසරේදී As the World Turns ටෙලි කතාමාලාවේ සුලු චරිතයකින් රංගනයට පිවිසි Matthew Mindler අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ My Idiot Brother (2011) චිත්‍රපටය හරහායි. මීට අතරව Chad: An American boy, Solo, Last week Tonight with John Oliver වැනි නිර්මාණ තුළිනුත් ඔහුව දැකගන්නට ලැබුණා. වාර්තාවලට අනුව Matthew Mindler උසස් පාසලෙන් අතුරුදහන්ව තිබෙන්නේ පසුගිය බදාදා සිටයි. ඉන්පසු ඔහු නැවත වතාවක් උසස් පාසලට පැමිණි බවට කිසිදු සාක්ෂියක් නැහැ. පොලීසිය පවසන ආකාරයට මැතිව්ව අවසාන වතාවට දැක තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දින කලු පැහැති බෑගයක් සමඟයි. නමුත් සඳුදා සහ අඟහරුවාදා දිනයන් හි ඔහු තමන්ගේ දේශනවාර සඳහා සහභාගී වුණු බවට උසස් පාසලෙන් තහවුරු කරනවා.
මළ සිරුර සොයා ගත් තැනින් ලබා ගත් සියලුම සාක්ෂි සහ සාම්පල් රස පරීක්ෂක වාර්තාව සඳහා යවා තිබෙන බවත්, මරණයේ අභිරහස ඉක්මනින්ම හෙළිදරවු වනු ඇති බවටත් හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා.

Written by Nisanka Weheraduwa
