Frances McDormandගේ සම්මානය සොරාගනියි
OSCAR සම්මාන උළෙල මාර්තු 04 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුනා. සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Three Billboards Outside Erbbing- Missouri හි රඟපෑ Frances McDormand විසින්.
දෙවන වරටත් ඇය හොඳම නිලිය ලෙස අභිෂේක ලබා මෙම සම්මානය ලබා ගත්තා. නමුත් OSCAR සම්මාන උලෙළ අවසානයේ පැවති සතුටු සාදයේදී ඇගේ සම්මානය සොරකම් කර තිබුනා. කෙසේ නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එය සොරකම් කළ පුද්ගලයා සම්මානය සමගින්ම අත් අඩංගුවට ගෙන තිබෙනවා. Terri Brient නැමැති 47 හැවිරිදි කලු ජාතික පුද්ගලයා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා. සාදයේදී ඔහුව හදුනා ගැනීමට අනෙකුත් මාධ්‍යවේදීන් අසමත් වීමත් සමග සැක සිතූ ආරක්ෂක අංශ සිදුකළ සෝදිසියේදී ඔහු සම්මානය සමගම අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රයන්ට සාදය සඳහා ඇරයුම් පත ලැබුණේ කෙසේදැයි ද පිළිබඳව ද මේ වන විට පරීක්ෂණ සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම කෙටි කාලය තුළ දී සම්මානය අතැතිව ගත් ඡායාරූප හා වීඩියෝවක්ද සමාජ ජාල ගිණුම් වලට ඇතුළත් කිරීමට ටෙරීට හැකිව තිබෙනවා.
ෆ්‍රැන්සිස් මෙවර හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තේ දෙවන වරටයි. ඒ Three billboards outside ebbing – Missouri චිත්‍රපටයේ ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය උදෙසායි. 1997 දී Frango චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් ඇය මීට පෙර හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගෙන තිබෙනවා.
Written by Nisanka Weheraduwa
