2021 වසරේ හොඳම චිත්‍රපට – පස්වැනි කොටස.

Avatar Nisanka Weheraduwa | October 11, 2021 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

2021 වසර තුළ නිකුත් වූ ගුණාත්මක සහ ජනප්‍රිය සිනමාපට පිළිබඳව තොරතුරු 2021 Best so far ලිපි මාලාවෙන් අපි ඔබවෙත ගෙන එනවා. කෝවිඩ් වසංගතය හමුවේ ලෝක සිනමාවම මඳක් අඩපණ වුණත් OTT මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ගුණාත්මක සිනමාපට රැසක් මේ වසර තුළ නිකුත්වී තිබෙනවා.

#Home (Malayalam)

Rojin Thomas නැමැති නවක අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමාපටය වන #Home බොහොම ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් නිර්මාණයක්. මෑතකාලීන IMDb දර්ශකයේ වැඩිම මනාප ප්‍රතිශතයක් දිනා ගත් දකුණු ඉන්දීය සිනමාපටය ලෙස හැඳින්වෙන්නේත් මෙයයි. පවුලේ සාමාජිකයින් අතරේ වන සරල සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන ගොඩ නඟා තිබෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ Indranas, Sreenath Bhasi සහ Manju Pillaiයි. ඇහැට “cool” සරල සහ සිම්පල් අන්දමට චිත්‍රපටයේ මුල් භාගය ගෙවී ගියත් අවසන් මොහොතේ එක්වරම දකින්නට ලැබෙන twist එක චිත්‍රපටයේ කතා මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සමත් වනවා. Vijay Babuගේ නිෂ්පාදනයක් වන #Home, වසරේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ.

Dug Days (English)

’90 දශකයේ අග භාගයේ ඔබට ළමා කාලයේ නොස්ටැලජික් මතකයක් අලුත් කරගන්නට අවැසි නම්, මේ ඊට හොඳම තෝරා ගැනීමක් වන්නට පුලුවන්. ඇනිමේෂන් රසිකයින්ට Up (2009) කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චිත්‍රපටියක් නෙමෙයි. බැලුම් මිලියන ගාණක් එල්ලපු ගෙයකින් පාවුණු කාල් ෆ්‍රෙඩ්‍රික්සන්ගේ වීර කතාව අපි කාට කාටත් මතක, හරිම ලස්සන නොස්ටැලජික් මතකයක්. Dug Days කියන්නේ මේ Up චිත්‍රපටයට නිර්මාණය කළ sequel වෙබ් කතා මාලාවක්. අංකල් කාල් සහ up චිත්‍රපටයෙන් ඔහුට හමු වන හුරතලා ඩග්ගේ ජීවිතය තමයි මේ නිර්මාණයට based වෙලා තියන්නේ. විනාඩි 10ක පමණ episodes 05කින් සමන්විත Dug Days වෙබ් කතාමාලාව PIXAR නිෂ්පාදනයක්. ඒ වගේම කාල් ෆ්‍රෙඩ්‍රික්සන්ගේ චරිතයට හඬ කැවූ ප්‍රවීණ රංගන ශිල්පී Ed Asner මිය යෑමට පෙර සම්බන්ධ වුණු අවසාන නිර්මාණය වන්නේත් මෙයයි.

Tuck Jagadish (Telegu)

විවිධ ගණයේ චිත්‍රපටවලින් පිරුණු තෙළෙඟු සිනමාවෙන් මාස් මසාලා රසිකයින්ට ලැබෙන අලුත්ම චිත්‍රපටය තමයි Tuck Jagadish කියන්නේ. තෙළෙඟු සිනමාපටවලට සුපුරුදු punch dialogues, mass action sequences ආදියෙන් අඩුවක් නැති Tuck Jagadish අධ්‍යක්ෂණය කරන්නේ Shiva Nirvana විසිනුයි. Nani, Rithu Varma, Jagapathi Babu, Aishwarya Rajesh වැනි හුරුපුරුදු මුහුණු කිහිපයක්ම චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. භූදේවිපුරම් නැමැති ගම්මානයේ වංශවත් පවුල් දෙකක් අතර සිද්ධ වෙන පරම්පරාගත ගැටුමක් වටා දිවෙන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු වෙන්නේ ප්‍රසිද්ධ දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂක Gopi Sundarගෙන්.  තෙළෙඟු නලු Nani කලකට පසු මාස් ඇක්ෂන් චිත්‍රපටයක් තෝරා ගැනීම ගැන ඔහුගේ රසිකයින් නම් එතරම් කැමති වී නැති පාටයි. මොකද ප්‍රේක්ෂකයින්ගෙන් Tuck Jagadishට ලැබී තිබෙන්නෙත් එතරම් ගුණාත්මක ප්‍රතිචාර නෙමෙයි.

Malignant (English)

ලෝක සිනමාවේ සාර්ථකම වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන James Wan විසින් අධ්‍යක්ෂණය කළ අලුත්ම සිනමාපටය වන Malignant අයත් වන්නේ Horror/Thriller කාණ්ඩයට. මේ වන විට 6.8ක් වැනි ඉහළ IMDb අගයක් පවා ලබා ගන්න Malignant සමත් වෙලා තියෙනවා. මැඩිසන් නැමැති ගැබිණියකගේ චරිතයක් මුල් කරගත් මේ අලුත්ම Horror චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නෙත් අපට සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන Horror moviesවලට වඩා වෙනස් vibe එකක්. තමන්ගේ සැමියාව ඝාතනය කළ ඝාතකයා, ගැබිණියක වූ මැඩිසන් පසුපස හඹා එද්දි ඇයට ඔහුගෙන් පළා යන්නට හැකි වේද? ඔහු ඇයව ඝාතනය කරන්නට තැත් කරන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන ගන්නට නම් ඔබටත් සිදු වෙනවා James Wanගේ මේ අලුත්ම සිනමාපටය, Malignant නරඹන්නට…

Bhoot Police (Hindi)

පසුගිය සැප්තැම්බර් 10 වනදා Disney+ Hotstar හරහා එළි දැක්වුණු Bhoot Police හින්දි චිත්‍රපටය සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Direct OTT release එකක් විදිහට නිකුත් වුණු නිර්මාණයක්. බොලිවුඩයේ mainstream superstarsලා කිහිප දෙනෙක් වන Saif Ali Khan, Arjun Kapoor, Yami Gautham සහ Jcqueline Fernandez ප්‍රධාන චරිත රඟපාන Bhoot Police හින්දි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Pawan Krilpalani විසිනුයි. කඳුකර තේ වත්තක සැරිසරන භූතාත්මයක් එළවන්නට පැමිණෙන සොයුරන් දෙදෙනෙකු සහ එම තේ කර්මාන්ත ශාලාවේ හිමිකාරිනියන් දෙදෙනා මුල් කරගෙනයි Bhoot Police ගොඩ නැඟී තිබෙන්නේ. Storyline එක මේ භූතාත්මය වටා මුල් වුණාට චිත්‍රපටය බර වෙන්නේ comedy පැත්තට. ආරම්භයේ සිට අවසානය දක්වාම හොඳ fun ride එකක් තියෙන නිර්මාණයක් විදිහටත්මේ චිත්‍රපටිය හැඳින්විය හැකියි.. චිත්‍රපටය නිකුත් වෙන්නට පෙර බොහෝ චිත්‍රපට රසිකයින් ඍණාත්මක මතයක් දැරුවත් මේ වෙනකොට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන්නෙම ධනාත්මක ආරංචි.

Share

48 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.