2022 ඇකඩමි උළෙලේ අවසාන නිර්දේශවීම් ලැයිස්තුව පිළිබඳ දැනුවත්ද?

Avatar Kavinu Weerakkody | February 15, 2022 95 Views 0 Likes 5 On 1 Rating

95 Views 5 On 1 Rating Rate it

ලොව ප්‍රධානම පෙළේ සිනමා සම්මාන උළෙලක් වන ඇකඩමි සම්මාන (Academy Awards) උළෙලේ මෙවර අවසාන නිර්දේශවීම් ලැයිස්තුව පසුගියදා මාධ්‍යයට එළි දැක්වුනා. සම්මාන ඉසව් 23ක් යටතේ ජයග්‍රහණ පිරිනැමෙන ඇකඩමි සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 94වන වතාවටයි.

Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS කමිටුව මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන රාත්‍රියෙ හි මූලාරම්භය සිදු වූයේ මීට වසර 92කට පෙර 1929 තරම් ඈතකදී යි. එනිසාම අද වනවිට, ලෝකයේ සිනමාකරුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය ලෙසත් ඇතමුන් Academy Awards ජයග්‍රහණ හදුන්වනු ලබනවා.

2021 වසරේ මාර්තු පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් තිස් එක්වනදා දක්වා තිරගත වූ සිනමාපට සැලකිල්ලට ගනිමින් ජයග්‍රහණ පිරිනැමෙන මෙම 94වන ඇකඩමි සම්මාන උළෙල, පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන මාර්තු 27වනදා යි. ඒ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ හොලිවුඩ් හි Dolby Theatre පරිශ්‍රයේදී යි. රංගන ශිල්පී Leslie Jordan සහ Tracce Ellis Ross විසින් පසුගිය පෙබරවාරි 08 වනදා දැනුම් දුන් මෙවර Final Nominations ලැයිස්තුවට Dune, Don’t look up, The Power of the Dog, West Side Story, Drive my Car වැනි ජනප්‍රියම චිත්‍රපට ගණනාවක්ම ඇතුළත් වනවා.

Nominations 12ක් සමඟින් අවසාන නිර්දේශවීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට Jane Campion අධ්‍යක්ෂණය කළ The Power of the Dog සිනමාපටය සමත් වී තිබෙන අතර Denis Villeneuveගේ Dune සිනමාපටය නිර්දේශවීම් 10ක් සමඟින් දෙවන් ස්ථානයේ ත්, Kenneth Branaghගේ Belfast සහ Steven Spielbergගේ West Side Story නිර්දේශවීම් 07ක් සමඟින් තෙවන ස්ථානයේ ත් පසුවනවා.

පහතින් දැක්වෙන්නේ 94වන Academy සම්මාන උළෙලේ අවසාන නිර්දේශවීම් සහිත සම්පූර්ණ ලැයිස්තුවයි.

Best Picture

Belfast
CODA
Don’t Look Up
Drive My Car
Dune
King Richard
Licorice Pizza
Nightmare Alley
The Power of the Dog
West Side Story

Best Director

Kenneth Branagh – Belfast
Ryusuke Hamaguchi – Drive My Car
Paul Thomas Anderson – Licorice Pizza
Jane Campion – The Power of the Dog
Steven Spielberg – West Side Story

Best Actor

Javier Bardem – Being the Ricardos as Desi Arnaz
Benedict Cumberbatch – The Power of the Dog as Phil Burbank
Andrew Garfield – tick, tick… BOOM! as Jonathan Larson
Will Smith – King Richard as Richard Williams
Denzel Washington – The Tragedy of Macbeth as Lord Macbeth

Best Actress

Jessica Chastain – The Eyes of Tammy Faye as Tammy Faye Bakker
Olivia Colman – The Lost Daughter as Leda Caruso
Penélope Cruz – Parallel Mothers as Janis Martínez Moreno
Nicole Kidman – Being the Ricardos as Lucille Ball
Kristen Stewart – Spencer as Diana, Princess of Wales

Best Supporting Actor

Ciarán Hinds – Belfast as “Pop”
Troy Kotsur – CODA as Frank Rossi
Jesse Plemons – The Power of the Dog as George Burbank
K. Simmons – Being the Ricardos as William Frawley
Kodi Smit McPhee – The Power of the Dog as Peter Gordon

Best Supporting Actress

Jessie Buckley – The Lost Daughter as Leda Caruso
Ariana DeBose – West Side Story as Anita
Judi Dench – Belfast as “Granny”
Kirsten Dunst – The Power of the Dog as Rose Gordon
Aunjanue Ellis – King Richard as Oracene “Brandy” Price

Best Original Screenplay

Belfast – Written by Kenneth Branagh
Don’t Look Up – Screenplay by Adam McKay; Story by Adam McKay and David Sirota
King Richard – Written by Zach Baylin
Licorice Pizza – Written by Paul Thomas Anderson
The Worst Person in the World – Written by Eskil Vogt and Joachim Trier

Best Adapted Screenplay

CODA – Screenplay by Sian Heder; based on the film La Famille Bélier by Victoria Bedos, Thomas Bidegain, Stanislas Carré de Malberg, and Éric Lartigau
Drive My Car – Screenplay by Ryusuke Hamaguchi and Takamasa Oe; based on the short story by Haruki Murakami
Dune – Screenplay by Jon Spaihts, Denis Villeneuve, and Eric Roth; based on the novel by Frank Herbert
The Lost Daughter – Screenplay by Maggie Gyllenhaal; based on the novel by Elena Ferrante
The Power of the Dog – Screenplay by Jane Campion; based on the novel by Thomas Savage

Best Animated Feature Film

Encanto
Flee
Luca
The Mitchells vs. the Machines
Raya and the Last Dragon

Best International Feature Film

Drive My Car (Japan) – directed by Ryusuke Hamaguchi
Flee (Denmark) – directed by Jonas Poher Rasmussen
The Hand of God (Italy) – directed by Paolo Sorrentino
Lunana: A Yak in the Classroom (Bhutan) – directed by Pawo Choyning Dorji
The Worst Person in the World (Norway) – directed by Joachim Trier

Best Documentary Feature

Ascension
Attica
Flee
Summer of Soul (…Or, When the Revolution Could Not Be Televised)
Writing with Fire

Best Documentary Short Subject

Audible
Lead Me Home
The Queen of Basketball
Three Songs for Benazir
When We Were Bullies

Best Live Action Short Film

Ala Kachuu (Take and Run)
The Dress
The Long Goodbye
On My Mind
Please Hold

Best Animated Short Film

Affairs of the Art
Bestia
BoxBallet
Robin Robin
The Windshield Wiper

Best Original Song

“Be Alive” from King Richard – Music and lyrics by DIXSON and Beyoncé Knowles-Carter
“Dos Oruguitas” from Encanto – Music and lyrics by Lin-Manuel Miranda
“Down to Joy” from Belfast – Music and lyrics by Van Morrison
“No Time to Die” from No Time to Die – Music and lyrics by Billie Eilish and Finneas O’Connell
“Somehow You Do” from Four Good Days – Music and lyrics by Diane Warren

Best Original Score

Don’t Look Up – Nicholas Britell
Dune – Hans Zimmer
Encanto – Germaine Franco
Parallel Mothers – Alberto Iglesias
The Power of the Dog – Jonny Greenwood

Best Sound

Belfast – Denise Yarde, Simon Chase, James Mather, and Niv Adiri
Dune – Mac Ruth, Mark Mangini, Theo Green, Doug Hemphill, and Ron Bartlett
No Time to Die – Simon Hayes, Oliver Tarney, James Harrison, Paul Massey, and Mark Taylor
The Power of the Dog – Richard Flynn, Robert Mackenzie, and Tara Webb
West Side Story – Tod A. Maitland, Gary Rydstrom, Brian Chumney, Andy Nelson, and Shawn Murphy

Best Production Design

Dune – Production Design: Patrice Vermette; Set Decoration: Zsuzsanna Sipos
Nightmare Alley – Production Design: Tamara Deverell; Set Decoration: Shane Vieau
The Power of the Dog – Production Design: Grant Major; Set Decoration: Amber Richards
The Tragedy of Macbeth – Production Design: Stefan Dechant; Set Decoration: Nancy Haigh
West Side Story – Production Design: Adam Stockhausen; Set Decoration: Rena DeAngelo

Best Cinematography

Dune – Greig Fraser
Nightmare Alley – Dan Laustsen
The Power of the Dog – Ari Wegner
The Tragedy of Macbeth – Bruno Delbonnel
West Side Story – Janusz Kaminski

Best Makeup and Hairstyling

Coming 2 America – Mike Marino, Stacey Morris, and Carla Farmer
Cruella – Nadia Stacey, Naomi Donne, and Julia Vernon
Dune – Donald Mowat, Love Larson, and Eva von Bahr
The Eyes of Tammy Faye – Linda Dowds, Stephanie Ingram, and Justin Raleigh
House of Gucci – Göran Lundström, Anna Carin Lock, and Frederic Aspiras

Best Costume Design

Cruella – Jenny Beavan
Cyrano – Massimo Cantini Parrini and Jacqueline Durran
Dune – Jacqueline West and Robert Morgan
Nightmare Alley – Luis Sequeira
West Side Story – Paul Tazewell

Best Film Editing

Don’t Look Up – Hank Corwin
Dune – Joe Walker
King Richard – Pamela Martin
The Power of the Dog – Peter Sciberras
tick, tick… BOOM! – Myron Kerstein and Andrew Weisblum

Best Visual Effects

Dune
Free Guy
No Time to Die
Shang-Chi and the Legend of the Ten Rings
Spider-Man: No Way Home

පෙර සම්මාන උළෙලවලදී විවිධ චිත්‍රපට ලබා ගත් වාර්තා කිහිපයක් බිඳ හෙළන්නටත්, සුවිශේෂි නව කඩයිම් ගණනාවක් බිහි කරන්නටත් මෙවර academy nominations ලැයිස්තුවට හැකියාව ලැබී තිබෙනවා. කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් ඇකඩමි සම්මාන 10කට අධික ප්‍රමාණයකට නිර්දේශ වූ පළමු අවස්ථාව වාර්තා වීම මේ අතරින් සුවිශේෂීයි. ඒ අවස්ථාව ලැබුණේ හොලිවුඩයේ දක්ෂතම අධ්‍යක්ෂිකාවක වන Jane Campionගේ The Power of the Dog චිත්‍රපටයටයි. (12 nominations)
එමෙන්ම, Best Director සම්මානය සඳහා දෙවරක් නිර්දේශ වූ එකම කාන්තාව බවට පත්වන්නටත් මේ සමඟම ඇයට හැකියාව ලැබුනා.

Belfast අධ්‍යක්ෂක Kenneth Branagh ඇකඩමි ඉතිහාසයේ නව කඩයිමක් සලකුණු කළේ සම්මාන ඉසව් 07ක් සඳහා එකවර නිර්දේශ වූ පළමු පුද්ගලයා බවට පත්වෙමින්…
West Side Story වෙනුවෙන් Best Director සම්මානයට නිර්දේශ වූ Steven Spielberg මේ වනවිට දශක හයක් පුරාවට එක පෙළට හොඳම අධ්‍යක්ෂණයට හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වී තිබෙනවා. එය ඇකඩමි ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ.

1970’s
Close Encounters of 3rd Kind

1980’s
Raiders of the Lost Ark
E.T

1990’s
Schindler’s List
Saving Private Ryan

2006 – Munich
2013 – Lincoln
2022 – The West Side Story

මෙම වසරේ තනි ස්ටුඩියෝවක් විසින් හිමි කරගත් වැඩිම නිර්දේශවීම් ප්‍රමාණය අයිති වන්නේ NETFLIX ආයතනයටයි. එය සංඛ්‍යාවෙන් 27ක්! Belfast සිනමාපටයේ රඟපෑ 87 වියැති Judi Dench රංගන ශිල්පිනිය Best Actress in a Supporting role (හොඳම සහාය නිළිය) සම්මානයට nominate වීමෙන් තවත් ඇකඩමි වාර්තාවක් ඊයේ අලුත් වුනා. ඒ අදාළ සම්මානයට සඳහා නිර්දේශ වූ වයස්ගතම කාන්තාව ඇය බවට පත්වීමත් සමඟයි.

කලින් සඳහන් කළ පරිදිම, මෙවර Academy උළෙලේ වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසුවන්නේ Jane Campion අධ්‍යක්ෂණය කළ, Benedict Cumberbatch ප්‍රධාන චරිතය රඟපෑ The Power of the Dog සිනමාපටයයි. එහි වාර්තාගත නිර්දේශවීම් ප්‍රමාණය 12ක්.
Denis Villeneuveගේ Dune සිනමාපටය නිර්දේශවීම් 10ක් සමඟින් දෙවන් ස්ථානයට පත්ව තිබෙනවා.

Films with multiple nominations

The Power of the Dog – 12
Dune – 10

Belfast – 07
West Side Story – 07
King Richard – 06

Don’t Look Up – 04
Drive My Car – 04
Nightmare Alley – 04

Being the Ricardos – 03
CODA – 03
Encanto – 03
Flee – 03
Licorice Pizza – 03
The Lost Daughter – 03
No Time to Die – 03
The Tragedy of Macbeth – 03

Cruella – 02
The Eyes of Tammy Faye – 02
Parallel Mothers – 02
tick, tick… BOOM! – 02
The Worst Person in the World – 02

Share

95 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.