68වන ජාතික සිනමා සම්මාන උළෙල | හොඳම චිත්‍රපටය Soorarai Pottru

Avatar Kavinu Weerakkody | July 24, 2022 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

ඉන්දීය ජාතික සම්මානය හෙවත් National Film Award ලෙස හැඳින්වෙන්නේ ඉන්දීය භූමි ප්‍රදේශය තුළ වාසය කරන ඕනෑම සිනමාකරුවෙකුට එරට සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබිය හැකි ඉහළම සහ ප්‍රධානම සම්මානයයි. ඉන්දියාවේ සියලුම ප්‍රාන්තීය සිනමා කර්මාන්ත නියෝජනය කරමින්, වසරේ විශිෂ්ටතම සිනමාපට සඳහා ජයග්‍රහණ පිරිනැමෙන ඉන්දීය ජාතික සම්මාන උළෙලෙ හි ආරම්භය සිදු වූයේ 1958 තරම් ඈතකදී යි.
නොකඩවා 68වන වරට පැවැත්වූ මෙවර National Film Awards හි සම්මාන පිරිනැමීම සඳහා තෝරා ගනු ලැබූයේ 2020 වසරේ ජනවාරි සහ දෙසැම්බර් දක්වා තිරගත වූ ඉන්දීය චිත්‍රපට ලැයිස්තුවයි.

එහිදී Best Feature Film හෙවත් වසරේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට Soorarai Pottru දමිළ සිනමාපටය සමත් වුනා. මෙවර විශිෂ්ටතම රංගන ශිල්පියා (Best Actor) ලෙස දමිළ නලු Suriya සම්මාන දිනා ගත් අතර ඔහු ඊට නිර්දේශ වූයේ ද Soorarai Pottru චිත්‍රපටයේ රංගනය උදෙසාම යි. එම සම්මාන ද්විත්වයට අමතරව තවත් සම්මාන 03ක් ජයග්‍රහණය කරමින් 68වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී වැඩිම සම්මානලාභී සිනමාපටය ලෙස පළමු තැන ගන්නට Sudha Kongara අධ්‍යක්ෂණය කළ Soorarai Pottru සිනමාපටයට හැකියාව ලැබුනා.

පහතින් දක්වා තිබෙන්නේ “ස්වර්ණ කමල්” ලෙස හැඳින්වෙන, උළෙලේ ප්‍රධානම සම්මාන පහට හිමිකම් කියූ චිත්‍රපට කිහිපයයයි.

විශිෂ්ටතම වෘතාන්ත චිත්‍රපටය (Best Feature Film)
Soorarai Pottru

විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂණය (Best Direction)
Sachy – Ayyappanum Koshiyum

විශිෂ්තටම චිත්‍රපටය – ජනප්‍රිය (Best Popular Film)
Tanhaji : The Unsung Warrior

විශිෂ්ටතම ළමා චිත්‍රපටය (Best Children’s Film)
Sumi

විශිෂ්ටතම නවක අධ්‍යක්ෂණය (Best Debut Direction)
Mandela

හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් Sachidanandan KR හෙවත් මලයාලම් සිනමාකරුවෙකු වන Sachy මීට වසරකට පමණ පෙර ජීවිතයෙන් සමුගත්තා. ඔහුගේ දෙවන හා අවසාන නිර්මාණය වූයේ මෙම Ayyappanum Koshiyum සිනමාපටයයි.
ජාතික සිනමා උළෙලේදී, චිත්‍රපට කර්මාන්තයට හොඳම වටපිටාවක් සහ සහයෝගයක් තිබෙන ඉන්දියානු ප්‍රාන්තය වෙනුවෙන් (Best Film Friendly State) වාර්ෂිකව ඇගයීමක් ලබා දෙන අතර මෙවර ඊට නිර්දේශ වුනේ උතුරු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයයි.

මෙවර හොඳම නලුවා, හොඳම නිළිය, හොඳම සහාය රංගන ශිල්පියා ඇතුළු සෙසු පුද්ගල සම්මානවල සවිස්තරාත්මක ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙනවා.

Best Actor
Suriya for Soorarai Pottru and Ajay Devgn for Tanhaji

Best Actress
Aparna Balamurali for Soorarai Pottru

Best Supporting Actor
Biju Menon for Ayyappanum Koshiyam

Best Supporting Actress
Lakshmi Priya Chandramouli for Sivaranjaniyum Innam Sila Pengallum

Best Screenplay
Soorarai Pottru, Shalini Usha Nair and Sudha Kongara

Best Screenplay (Dialogue Writer)
Madonne Ashwin, Mandela

Best Music Direction (Songs)
Ala Vaikunthapurramuloo, Thaman S

Best Music Direction (Background Music)
Soorarai Pottru, GV Prakash

Best Male Playback Singer
Rahul Deshpande for Mi Vasantrao

Best Female Playback Singer
Nanchamma, Ayyappanum Koshiyam

Best Lyrics
Saina, Manoj Muntashir

Best Audiography (Location Sound Recordist)
Jobin Jayan, Dollu

Best Audiography (Sound Designer)
Anmol Bhave, Mi Vasantrao

Best Audiography (Re-recordist of the final mixed track)
Vishnu Govind and Sree Sankar for Malik

Best Choreography
Sandhya Raju, Natyam

Best Cinematography
Avijatrik, Supratim Bhol

Best Costume Design
Nachiket Barve and Mahesh Sherla, Tanhaji

Best Production Design
Anees Nadodi, Kappela

Best Editing
Sreekar Prasad, Sivaranjiniyum Innum Sila Pengalum

Best Make-up
TV Rambabu, Natyam

Best Stunt Choreography
Rajasekhar, Mafia Sasi and Supreme Sunder, Ayyappanum Koshiyum

මෙවර ජූරියේ විශේෂ ඇගයුමට ලක්වෙමින් Special Mentions අතරට පිවිසීමට චිත්‍රපට හයක් සමත්ව තිබෙනවා. එයින් එක් නිර්මාණයක් හින්දි චිත්‍රපටයක් වන අතර අනෙක් සියල්ලම කුඩා ප්‍රාන්තීය නිර්මාණයි.
Vaanku මලයාලම් සිනමාපටය
Semkhor දිමාෂා සිනමාපටය
June මරාති සිනමාපටය
Godakaath මරාති සිනමාපටය
Toolsidas Junior හින්දි සිනමාපටය
Avwanchhit මරාති සිනමාපටය

සමස්ත ඉන්දියානු සිනමාව ම නියෝජනය කරමින් ලබා දෙන ඉහත සම්මාන අංශවලට අමතරව ප්‍රාන්තීයව දක්නට ලැබුනු ‘වසරේ විශිෂ්ටතම චිත්‍රපටය’ උදෙසා ද තවත් ජයග්‍රහණ කිහිපයක් මෙහිදී පිරිනමනවා. පහතින් දැක්වෙන්නේ හින්දි, දමිළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ සහ මරාති ආදී ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්ත වෙනුවෙන් එසේ ජය ලැබූ නිර්මාණ කිහිපයයි.

හොඳම හින්දි චිත්‍රපටය – Toolsidas Junior
හොඳම කන්නඩා චිත්‍රපටය – Dollu
හොඳම මලයාලම් චිත්‍රපටය – Thinakalazchcha Nishchayam
හොඳම දමිළ චිත්‍රපටය – Sivaranjiniyum Innum Sila Pengalum
හොඳම තෙළිඟු චිත්‍රපටය – Color Photo
හොඳම හර්‍යාන්වි චිත්‍රපටය – Dada Lakshmi
හොඳම මරාති චිත්‍රපටය – Gosta Eka Paithanichi
හොඳම බෙංගාලි චිත්‍රපටය – Avijatrik
හොඳම ඇසෑම් චිත්‍රපටය – The Bridge

මෙවර දිගු වෘතාන්ත නොවන හොඳම සිනමාපටය වශයෙන් Testimony of Anna සම්මානයට පාත්‍ර වූ අතර හොඳම පාරිසරික නිර්මාණය ලෙස ජය ලැබූයේ Manah Aru Manah යි. Kachchinithu කෙටි චිත්‍රපටය, වසරේ විශිෂ්ටතම කෙටි ප්‍රබන්ධ නිර්මාණය ලෙසින් ජය ගත්තා. වසරේ හොඳම අධ්‍යාපනික නිර්මාණය වූයේ Dreaming of Birds වාර්තා සිනමාපටයයි.
පෙර වර්ෂවලදී හොඳම සිනමා විචාරකයාට (Best Film Critic) සම්මාන ප්‍රදානය කළත් මෙවර එම කාණ්ඩය නියෝජනය කරමින් ජයග්‍රහණ පිරිනැමුනේ නැහැ.

Share

172 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.