70 – 80 ලාංකීය සිනමාවේ ප්‍රවීණයින් ඇගයූ දෙරණ Legend Awards
ලාංකීය සිනමාවේ ’70 ’80 ’90 දශක වර්ණවත් කළ අපේම ජ්‍යේෂ්ඨ සිනමාකරුවන්, පසුබිම් ගායක ගායිකාවන් සහ කාර්මික ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන, Derana The Legend Awards ඇගයීම් රාත්‍රිය පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා.

දෙරණ සිනමා උළෙලට වසර 10ක් සහ දෙරණ මාධ්‍ය ජාලයට වසර 20ක් සැපිරීම සිහි කරමින්, ලාංකීය සිනමාවේ ක්ෂේත්‍ර රැසක ජ්‍යේෂ්ඨතමයින් 20 දෙනෙකු උදෙසා මෙහිදී ගෞරව සම්මාන පිරිනැමුනා. ඒ සමඟින් රුපියල් ලක්ෂය බැගින් වූ මූල්‍යමය ත්‍යාග රැසකුත් ඔවුන්ට එහිදී ප්‍රදානය කළා.
ඒ අතරෙහි මෙරට සිනමාව වර්ණවත් කළ, නමුත් වර්තමාන සිනමා උළෙල වලදී එතරම් ඇස නොගැටෙන චිත්‍රපට ශිල්පීන් රැසකුත් සිටිනවා.

රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා
සටන් අධ්‍යක්ෂක ටෙඩී විද්‍යාලංකාර මහතා
රංගන ශිල්පී ජයසේකර අපොන්සු මහතා
ගේ පද රචක/ අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න මහතා
ගායිකා ලතා වල්පොල මහත්මිය
රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා
රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය
රංගන ශිල්පිනී අනුලා කරුණාතිලක මහත්මිය

දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂක ගිවන්ත අර්ථසාද් මහතා
සහාය අධ්‍යක්ෂක අයි. එන්. හේවාවසම් මහතා
ශබ්ද පරිපාලක ජෝර්ජ් මනතුංග මහතා
සංස්කරශ ශිල්පී ග්ලැඩින් ප්‍රනාන්දු මහතා
වේෂ නිරූපණ ශිල්පී ඩෙරික් ප්‍රනාන්දු මහතා
කොණ්ඩා සැලසුම් ශිල්පී සෑම් පෙරේරා මහතා
අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය මහතා

චිත්‍රපට නිෂ්පාදක නීල් රූපසිංහ මහතා
කලා අධ්‍යක්ෂක හේමපාල ධර්මසේන මහතා
කැමරා අධ්‍යක්ෂක කේ.ඩී. දයානන්ද මහතා
සංගීත අධ්‍යක්ෂක එම්. ඒ හක් මහතා
පසුබිම් ගායන ශිල්පී සරත් සඳනායක මහතා
තිර රචක සෝමපාල ලීලානන්ද මහතා
යන මෙරට සිනමාවේ 70 – 90 දශක වර්ණවත් කරන්නට වෙහෙසුනු, තිරයෙන් පිටුපස ප්‍රවීණ කාර්මික ශිල්පීන් සහ නලු නිලියන්ව මෙහිදී ඇගයුමට ලක් වුනා.

දෙරණ සිනමා රාත්‍රියට සමගාමීව පැවැත්වුනු The Legend Awards ඇගයුම් උළෙල නුදුරේදීම TV Derana ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody
