79වන Golden Globe Awards ජයග්‍රාහක ලැයිස්තුව

Avatar Kavinu Weerakkody | January 11, 2022 106 Views 0 Likes 0 Ratings

106 Views 0 Ratings Rate it

Hollywood Foreign Press Association හෙවත් HFPA මඟින් වාර්ෂිකව සංවිධානය කරන Golden Globe Awards සම්මාන උළෙල, වසරේ හොඳම සිනමාපට හා ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන පිදෙන ලොව ප්‍රමුඛතම සම්මාන උළෙලක්.

1944 වසරේ සිට නොකඩවා පැවැත්වුණු Golden Globe සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 79වන වතාවටයි. ඒ පසුගිය ජනවාරි 09 වනදා කැල්ෆෝනියාවේදී යි. 2021 ජනවාරි 01 වනදා සිට 2021 දෙසැම්බර් 31 වනදා තිරගත වූ චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා අතරින් තෝරා ගත් විශිෂ්ටතම නිර්මාණ උදෙසා එහිදී සම්මාන පිරිනැමුණා. නමුත් මීට පෙර පැවැත්වූ Golden Globe සම්මාන උත්සවවලට වඩා මෙවර උත්සවයේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් දක්නට ලැබුනා.

වෙනදා දක්නට ලැබෙන රතු පලස්, රංගන ශිල්පීන් පිරි උත්සව සහ වර්ණවත් සම්මාන රාත්‍රියක් මෙවර දක්නට ලැබුනේ නැහැ. සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් බොහොම පෞද්ගලික ආකාරයට පැවැත්වූ 79වන Golden Globes සම්මාන රාත්‍රිය, වෙනදා මෙන් සජීවී රූපවාහිනී විකාශයක් හරහා විකාශනය කළේත් නැහැ. ඊට හේතුව වු‌ණේ උළෙලේ නිල රූපවාහිනී විකාශකයා වන NBC නාලිකාවෙන් මෙවර උළෙල telecast කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

මෙවැනි දුෂ්කරතා මධ්‍යයේ Hollywood Foreign Press Association විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ නිල ‌නිවේදන හරහා පමණයි මෙවර ජයග්‍රාහකයින් ගැන රසිකයින්ට දැනගන්නට අවස්ථාව ලැබුණේ…

පසුගිය වසරේ සිනමාපට අතරින් Jane Campion අධ්‍යක්ෂණය කළ The Power of the Dog චිත්‍රපටය DRAMA කාණ්ඩයෙන් හොඳම සිනමාපටයට හිමි Gloden Globe සම්මානය දිනා ගත් අතර, හොඳම MUSICAL/COMEDY සිනමාපටය බවට පත් වුනේ Steven Spielberg අධ්‍යක්ෂණය කළ West Side Story හොලිවුඩ් චිත්‍රපටයයි.

කෙසේ වුවත් මේ වනවිට සියලුම ජයග්‍රාහකයින් ඇතුළත් අවසාන ලැයිස්තුව ඔවුන් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එසේ මාධ්‍යයට නිකුත් කළ 79වන Golden Globes සම්මාන උළෙලේ චිත්‍රපට අංශයෙන් ජය ලැබූ සියලුම නිර්මාණ සහ රංගන ශිල්පීන් පිරිසයි.

– Best Motion Picture, Drama

Belfast (Focus Features)
CODA (Apple)
The Power of the Dog (Netflix) (WINNER)
Dune (Warner Bros.)
King Richard (Warner Bros.)

– Best Motion Picture, Musical or Comedy

Cyrano (MGM)
Don’t Look Up (Netflix)
Licorice Pizza (MGM)
tick, tick… BOOM! (Netflix)
West Side Story (20th Century Studios / Walt Disney Studios Motion Pictures) (WINNER)

– Best Director

Kenneth Branagh – Belfast
Jane Campion – The Power of the Dog (WINNER)
Maggie Gyllenhaal – The Lost Daughter
Steven Spielberg – West Side Story
Denis Villeneuve – Dune

– Best Screenplay

Paul Thomas Anderson – Licorice Pizza
Kenneth Branagh – Belfast (WINNER)
Jane Campion – The Power of the Dog
Adam McKay – Don’t Look Up
Aaron Sorkin – Being the Ricardos

– Best Actor in a Motion Picture, Musical or Comedy

Mahershala Ali – Swan Song as Cameron Turner
Javier Bardem – Being the Ricardos as Desi Arnaz
Benedict Cumberbatch – The Power of the Dog as Phil Burbank
Will Smith – King Richard as Richard Williams (WINNER)
Denzel Washington – The Tragedy of Macbeth as Lord Macbeth

– Best Actress in a Motion Picture, Drama

Jessica Chastain – The Eyes of Tammy Faye as Faye Bakker
Olivia Colman – The Lost Daughter as Leda Caruso
Lady Gaga – House of Gucci as Patrizia Reggiani
Nicole Kidman – Being the Ricardos as Lucille Ball (WINNER)
Kristen Stewart – Spencer as Diana

– Best Actor in a Motion Picture, Musical or Comedy

Leonardo DiCaprio – Don’t Look Up as Dr. Randall Mindy
Peter Dinklage – Cyrano as Cyrano de Bergerac
Andrew Garfield – tick, tick… BOOM! as Jonathan Larson (WINNER)
Cooper Hoffman – Licorice Pizza as Gary Valentine
Anthony Ramos – In the Heights as Usnavi de la Vega

– Best Actress in a Motion Picture, Musical or Comedy

Marion Cotillard – Annette as Ann Defrasnoux
Alana Haim – Licorice Pizza as Alana Kane
Jennifer Lawrence – Don’t Look Up as Kate Dibiasky
Emma Stone – Cruella as Estella / Cruella de Vil
Rachel Zegler – West Side Story as María Vasquez (WINNER)

– Best Animated Feature

Encanto (Walt Disney Studios Motion Pictures) (WINNER)
Flee (Neon)
Luca (Walt Disney Studios Motion Pictures)
My Sunny Maad (Totem Films)
Raya and the Last Dragon (Walt Disney Studios)

– Best Supporting Actor in a Motion Picture

Ben Affleck – The Tender Bar as Charlie Moehringer
Jamie Dornan – Belfast as Pa
Ciarán Hinds – Belfast as Pop
Troy Kotsur – CODA as Frank Rossi
Kodi Smit McPhee – The Power of the Dog as Peter Gordon (WINNER)

– Best Supporting Actress in a Motion Picture

Caitríona Balfe – Belfast as Ma
Ariana DeBose – West Side Story as Anita (WINNER)
Kirsten Dunst – The Power of the Dog as Rose Gordon
Aunjanue Ellis – King Richard as Oracene “Brandy” Price
Ruth Negga – Passing as Clare Bellew

– Best Original Score

Alexandre Desplat – The French Dispatch
Germaine Franco – Encanto
Jonny Greenwood – The Power of the Dog
Alberto Iglesias – Parallel Mothers
Hans Zimmer – Dune (WINNER)

– Best Original Song

“Be Alive” (Beyoncé and Dixson) – King Richard
“Dos Oruguitas” (Lin-Manuel Miranda) – Encanto
“Down to Joy” (Van Morrison) – Belfast
“Here I Am (Singing My Way Home)” (Jamie Hartman, Jennifer Hudson, and Carole King) – Respect
“No Time to Die” (Billie Eilish and Finneas O’Connell) – No Time to Die (WINNER)

– Best Foreign Language Film

Compartment No. 6 (Finland)
Drive My Car (Japan) (WINNER)
The Hand of God (Italy)
A Hero (Iran)
Parallel Mothers (Spain)

මෙවර අවසන් නිර්දේශවීම් ලැයිස්තුව නිකුත් කරන විට එහි වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වී තිබුණේ Jane Campion අධ්‍යක්ෂණය කළ The Power of the Dog චිත්‍රපටය සහ Kenneth Branagh අධ්‍යක්ෂණය කළ Belfast චිත්‍රපටයයි. ඒ සම්මාන 07 බැගින් නිර්දේශ වෙමිනුයි.

නමුත් සම්මාන රාත්‍රිය අවසාන වන විට එයින් වැඩිම සම්මානලාභි ලැයිස්තුවේ තිබුණේ The Power of the Dog පමණයි. නිර්දේශවීම් හතෙන් එක් සම්මානයක් පමණක් දිනා ගත් Belfast වෙනුවට Steven Spielberg අධ්‍යක්ෂණය කළ West Side Story චිත්‍රපටය, මෙම වසරේ වැඩිම Golden Globe සම්මානලාභි චිත්‍රපට අතරට එක් වන්නට අවසානයේදී සමත් වුනා.

The Power of the Dog – 03 Awards
West Side Story – 03 Awards

Share

106 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.