සාරංගගෙන් රංඟන පාඨමාලාවක්
වර්තමානයේ රංඟකලාව ගැන ඉගෙන ගන්න හරි හමන් තැනක් නොතීබීම මෙරට කලා ලෝකයේ තියෙන පිරිවිය නොහැකි අඩුවක්.මේ තත්වය නිසාවෙන් මේ වන විට ආධුනික රංඟනශිල්පීන්ටනොයෙකුත් දුෂ්කරතාවයන්ට පත්වෙන්න සිදුවෙලා තියෙනවා.ක්ෂ්‍රේත්‍රය තුළ ඇති මේ අඩුව පුරවන්න දැන් දැන් ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීණයින් විවිධ අයුරින් වැඩපිළිවෙලවල් දියත් කරමින් යනවා.රංඟනය ගැන උගන්වන වැඩමුළු,තාක්ෂණික උපාංග ගැන කියාදෙන පාඨමාලා,සිනමාවේ දැවැන්තයින් සහභාගී කරගෙන පැවැත්වෙන කෙටිචිත්‍රපට දැක්මවල් හා සාකච්ඡා මේ දිනවල කාඅතරේත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා.
මේ ආකාරයෙන් පැවැත්වෙන වැඩසටහන් අතර සාරංග මෙන්ඩිස් නම් නිර්මාණවේදීයාගේ රංඟනය සම්බන්ධ පාඨමාලාවක් පෙබරවාරී මස 2වන දින පැවැත්වීමට නියමිතයි.ගිය වසරේ අතිසාර්ථක අයුරින් පැවැති රංඟ පාඨමාලාවේ දෙවැනි අදියර වශයෙනුයි මෙය පැවැත්වෙන්නේ.රංඟනයට අමතරව මෙහි තාක්ෂණික මෙවලම් හා චිත්‍රපට විචාරයන් පිළිබද පුළුල් දැනුමක් ලබා දෙයි.මේ වන විට නිර්මාණකරණයේ සක්‍රීයව දායක වී සිටින සාරංග මේ සඳහා සම්බන්ධ වෙන සිසුන් තම ඉදිරි නිර්මාණ සදහා යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා.මේ පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබත් කැමැත්තෙන් ඉන්නවානම් පහත දුරකතන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්.
දුරකතන අංක – 0112088340
Written by Cinema.lk A







