ඉන්දියාවේ කරක් ගහන ආර්නෝල්ඩ්
හොලිවුඩයේ දැවැන්ත නළු පෞරුෂයක් වු ආර්නෝල්ඩ් ස්වසනේගර් ඉකුත් සඳුදා අපේ අල්ලපු රටට ඇවිල්ලා තියෙනවා.අාර්නෝල්ඩ් දේශපාලන ජීවිතයෙන් ඈත් වුනාට පස්සේ යළිත් වතාවක් රංඟනය පැත්තට යොමුවෙන්න තමන්ගේ ආසාවක් තියෙන බවට ඔහු නිරන්තරයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.හැබැයි ඔහුට හොලිවුඩයෙන් සැලකිය යුතු චරිතයක් පහුගියේ කාලේම හම්බවුනේ නම් නැ.ඒ හින්ද දෝ කොහොද මේ යෝධයා සනී ලියෝන්ලා වගේ බොලිවුඩ් වලට රිංගාගන්න මාන බලමිනුයි හිටියේ.මේ වැඩේ පළමු පියවර විදියට පහුගිය සඳුදා පැවැත්වුනු ශන්කර්ගේ අලුත්ම සිනමාපටය ,සුපිරි කොලිවුඩ් නළු වික්‍රම් රඟන “අයි“ සිනමාපටයේ ගීත එළි දක්වපු උත්සවයට සහභාගී වෙලා තියෙනවා
සුපිරි නළුවන් රැසක් හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කිහිප පොලක් සමඟම අාර්නෝල්ඩ් සාකච්ඡා පවත්වා තියෙනවා.ඒ විතරකුත් නෙවෙයි තමිල්නාඩු මහ ඇමතිනියත් හමුවෙලා සාකච්ඡා පවත්වා තියෙනවා.ඇත්තටම ඉන්දියාවේ මෙහෙම කරක් ගහලා ආර්නෝල්ඩ් හදන්නේ හොලිවුඩ් වලදි කරගන්න බැරිවුණ දෙයක් අඩුම ගානේ කොලිවුඩ් වල හරි කරගන්න ද?මේ ගැන තවම නිශ්චිත තොරතුරක් වාර්තා වෙලා නම් නැ.හැබැයි නිශ්චිතවම කියන්න පුළුවන් දෙයක් තියෙනවා.සුදට සුදේ ඉන්න ආර්නෝල්ඩ් සරම් කොටයක් ගහන් නළලේ තුන්නුර් ගාගෙන ගහගන්න කොට ,දෙමළ සින්දු වලට නටන කොට පොඩි ගතියක් නම් තියේවී
කොලිවුඩ් නළු වික්‍රම් ගේ අයි සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටය
Written by Cinema.lk A









