BAYELSA සිනමා උළෙලේ “හොඳම නිළිය” නිරංජනී, “හොඳම අධ්‍යක්ෂක” සෝමරත්න දිසානායක.

Avatar Nisanka Weheraduwa | October 26, 2021 221 Views 0 Likes 0 Ratings

221 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි

පළමු BAYELSA චිත්‍රපට උළෙලේ  “හොඳම නිළිය” නිරංජනී, “හොඳම අධ්යක්ෂක” සෝමරත්න දිසානායක
නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ BAYELSA අන්තර්ජාතික සිනමා උළෙලේදී (Bayelsa IFF) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සෝමරත්න දිසානායක අධ්යක්ෂණය කළ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “සුනාමි” චිත්රපටය පසුගිය 24 වෙනිදා රාත්රියේදී සමත්විය. එහිදි උළෙලේ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශංමුගරාජාහටත් ,”හොඳම අධ්යක්ෂක” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකටත් පිරිනැමුණි.
ශ්රී ලංකාවේ “සුනාමි” ඇතුළුව, රටවල් 13ක් නියෝජනය කළ දීර්ඝ සිනමාපට 35ක් කුළුදුල් උළෙලට නිළ වශයෙන් තෝරාගෙන තිබූ අතර (Official Selections), එකී චිත්රපට උළෙලේ ප්රධාන කාණ්ඩය යටතේ පිරිනැමුණු සම්මාන 14ක් සඳහා තරග වැදුණි. මෙහිදී හොඳම නිළිය, හොඳම අධ්යක්ෂක යන සම්මාන ද්විත්වයට අමතරව වසරේ චිත්රපටය, හොඳම වෘත්තාන්ත චිත්රපටය, හොඳම නළුවා (දර්ශන් ධර්මරාජ්), හොඳම සහාය නළුවා (බිමල් ජයකොඩි), හොඳම කැමරාකරණය (විශ්වා බාලසූරිය), හොඳම ළමා රංගනය (මෙනාරා වීරතුංග), ජනප්රියම නිළිය (හිමාලි සයුරංගි) යන සම්මාන සඳහා නිර්දේශිත නාම (Nominations) අතරට එක්වීමටද සුනාමි චිත්රපටය සමත් විය.
“සුනාමි” චිත්රපටයේ රංගනය වෙනුවෙන් නිරංජනී ශංමුගරාජා ජාත්යන්තර ඇගයීමට ලක්වූ දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර භූතානයේ DERK අන්තර්ජාතික සිනමා උළෙලේදී (2019-දෙසැම්බර් අදියර) “Outstanding Achievement Award for Best Actress” යන සම්මානයට ඇය හිමිකම් කීවාය. එසේම “සුනාමි” චිත්රපටයේ අධ්යක්ෂණ කාර්යය වෙනුවෙන් සෝමරත්න දිසානායක ජාත්යන්තර ඇගයීමට ලක්වූ තෙවෙනි අවස්ථාව BAYELSA සිනමා උළෙලේදී සටහන් විය. මීට පෙර භූතානයේ DERK  (2019 දෙසැම්බර් අදියර) සහ ඉන්දියාවේ මූන්වයිට් (2020) යන සිනමා උළෙලවලදී ඔහු ඇගයීමට ලක්විය.
 BAYELSA සිනමා උළෙලෙ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුනද, කෙන්යාවේ BAYELSA පළාතට බලපෑ ගංවතුර ව්‍යසනය හේතුවෙන් උළෙල මේ වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා කල් දැමුණි.
මෙම සම්මාන ද්විත්වයත් සමග “සුනාමි” චචිත්‍රපටය  මේ දක්වා ලබා ඇති ජාත්නතර ඇගයීම් සංඛ්‍යාව 09 කි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

 

Share

221 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.