DON 03 නිෂ්පාදන කටයුතු ඇරඹෙයි. මෙවර ඔහුගේ ඉලක්කය කුමක්ද?
වරෙක ලෝකයේ දැවැන්තම සහ ජනප්‍රියතම රංගන ශිල්පියා වශයෙන් සම්මානයට පාත්‍ර වූ ඉන්දීය නලු Shah Rukh Khanගේ රංගන දිවියට, පසුගිය 25 වනදා වන විට වසර 30ක් සම්පූර්ණ වුනා. ලෝකයෙන් සීමිත පිරිසක් පමණක් දැන සිටි ඉන්දීය සිනමාව යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට ව්‍යාප්ත කිරීමට පුරෝගාමියා වූ ඔහු තවමත් ලෝක සිනමාව තුළ සිටින ප්‍රමුඛම පෙළේ රංගන ශිල්පීන් කිහිප දෙනා අතරට ඇතුළත් වනවා.
Swades, Dilwale Dulhania Le Jayenge, Kal Ho Naa Ho, Devdas, Ashoka, Paheli වැනි Iconic සිනමා නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වූ ශාරුක් ඛාන්ගේ චිත්‍රපට ලැයිස්තුවේ සුවිශේෂීම සංදිස්ථානයක් ලෙස DON චිත්‍රපට මාලාව හැඳින්විය හැකියි. අදටත් ශාරුක් ඛාන් රඟපෑ Action Thriller චිත්‍රපටවලින් බහුතරයක් රසිකයින්ගේ වැඩිම කැමැත්ත හිමිවන්නේ මෙම චිත්‍රපට ද්විත්වයටයි. එතරම් ම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ නොස්ටැලජියාවක් DON වටා ගොඩ නැඟී තිබෙනවා.
2006 වසරේදී Farhan Akhtarගේ තිර පිටපත් රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩ වූ Don පළමු සිනමාපටය සිනමාශාලාවලට නිකුත් වුනු අතර එයින් ලද සාර්ථකත්වය නිසාම එහි sequel නිර්මාණයක් නිෂ්පාදනය කරන්නටත් ෆර්හාන් අක්තර් තීරණය කළා. 2011 වසරේදී Don 2: The King is back නමින් තිරයට පැමිණියේ එම දෙවන සිනමාපටයයි. පළමු චිත්‍රපටයෙන් ඇතිවූ රසික ආකර්ෂණය, දෙවන චිත්‍රපටය තුළිනුත් එලෙසම පවත්වා ගැනීමට නිෂ්පාදක කණ්ඩායම සමත් වීම නිසා Shah Rukh Khanගේ රසිකයින්ගේ ඊළඟ ප්‍රශ්නය වුනේ මෙහි තෙවන දිගහැරුමක් කවදා සිදු වේවිද යන්නයි.
Don 2 චිත්‍රපටයෙන් පසුව Shah Rukh Khan විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහුත් Don තෙවන දිගහැරුමක් ගැන කැමැත්ත පළ කළ නිසා රසිකයින් සිතා සිටියේ ඉදිරි වසර ඇතුළත ඉක්මනින්ම තුන්වන Don චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පවා ඇරඹෙනු ඇති බවටයි. නමුත් නිසි ආකාරයේ තිර පිටපතක් රචනා කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ නිසා රසිකයින්ගේ එම බලාපොරොත්තුව නම් සඵල වූයේ නැහැ.
ශාරුක් ද Jab Tak Hai Jaan, Chennai Express, Dilwale, Raees, Jab Harry Met Sejal වැනි චිත්‍රපට හරහා 2011 වසරෙන් පසුව දිගින් දිගටම ප්‍රේක්ෂකයින් වෙතට පැමිණි නිසා ඔවුන්ටද තෙවන Don චිත්‍රපටය ගැන අමතක වී ගියා. විවිධ කාල වකවානුවලදී අතරින් පතර මෙම නිර්මාණය ගැන කතාබහක් කරළියට පැමිණුනත් කිහිප දවසකින් එය නැවතත් යට ගියා. විවිධ ගොසිප් අඩවි Don ගැන එකිනෙකට පරස්පර විරෝධී විවිධ කතා පැවසූ නිසා, කාලයත් සමඟ ප්‍රේක්ෂකයින්ට මේ නිර්මාණය ප්‍රායෝගියකව සිදු වේ යැයි විශ්වාසයත් පළුදු වුනා.
කෙසේ වුවත් දැන් යළිත් Don 03 ගැන ප්‍රධාන ශානරයේ ඉන්දීය මාධ්‍යවල පවා විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඒ අධ්‍යක්ෂක Farhan Akhtar තෙවන Don සිනමාපටයේ තිර පිටපත රචනා කිරීම ආරම්භ කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබීමත් සමඟයි. Farhan Akhtar විසින් 2011 වසරෙන් පසු මේ වනතෙක් ම වෙනත් කිසිදු සිනමාපටයක් අධ්‍යක්ෂණය කළේ නැහැ. Fukrey, Dil Dhadakne Do, Raees, Gullyboy, Gold වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් සිය Excel Entertainment ආයතනයට හරහා සක්‍රීයව සිනමාවට සම්බන්ධ වූවත් Don 02 (2011) චිත්‍රපටයෙන් පසු ගතවූ වසර 11 පුරාවටම සිනමාපට අධ්‍යක්ෂණයට ඔහු යොමු වුනේ නැහැ.
මෑතක් වනතුරුම Farhan Akhtarගේ ඊළඟ චිත්‍රපට අධ්‍යක්ෂණය කුමක්ද වේවිද යන්න ඔහුගේ රසිකයින් පවා දැන සිටියේ නැහැ.
වසර 11ක නිහැඬියාව නිමා කරමින්, තමන්ගේ නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඔහු මාධ්‍යයට අණාවරණය කලේ දැනට මාස කිහිපයකට පෙරදීයි. Jee Lee Zara නමින් හැඳින්වූ Road – Trip චිත්‍රපටයක් වූ එහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතව තිබෙන්නේ වර්තමාන බොලිවුඩයේ දැවැන්තම කාන්තා රංගන ශිල්පිනියන් තිදෙනෙකු වන Priyanka Chopra, Katrina Kaif හා Alia Bhatt විසිනුයි. මේ වනවිට Jee Lee Zara හි තිර පිටපත සහ පෙර නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් වී තිබෙන අතර එහි රූගත කිරීම් පවා ඉතාම ඉක්මනින් ආරම්භ කරන්නට නියමිතවයි තිබුනේ.
නමුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන Priyanka Chopra සිය පෞද්ගලික කාරණාවක් නිසා රූගත කිරීම් මදක් කල් දමන ලෙස අධ්‍යක්ෂක Farhan Akhtarගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව Jee Lee Zara රූගත කිරීම් මදක් පසුපසට ගෙන තිබෙන අතර එයින් ලද විවේකය තුළයි ෆර්හාන් විසින් Don 03 තිර පිටපත සඳහා තමන්ගේ කාලය යොදවන්නට තීරණය කර තිබෙන්නේ…
“Like always, Don 3 is still in the early stages and the future of the project will definitely depend on what shape the screenplay finally takes, but yes, it’s confirmed that Farhan has started work on Don 3 script. Unlike the last few attempts to make a part 3, the idea this time around is too exciting to let go off, and everyone around is giving more than 100 percent to this project,”
ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත සනාථ කරමින් සිය වෙබ් අඩවි තුළ විස්තර යාවත්කාලීන කර තිබූයේ එලෙසිනි.
Don තෙවන නිර්මාණයට පළමු සහ දෙවන චිත්‍රපට සම්බන්ධ නොවන බවකුත් මේ දිනවල ඇතැම් පිරිසක් අතරෙ හි කතාබහට ලක් වනවා. නමුත් තවමත්, ඒ ගැන කිසිදු නිල නිවේදනයක් හෝ පිළිගත් මූලාශ්‍රයක් මඟින් තොරතුරු අණාවරණය වී නැහැ. කෙසේ වුවත් Don මුල් චිත්‍රපට ද්විත්වයට රංගනයෙන් සම්බන්ධ වූ Priyanka Chopra සහ Boman Irani වැනි නලු නිළියන් යොදා ගනිමින් මෙම තුන්වන චිත්‍රපටයත් නිර්මාණය කරනවාට වඩා, ශාරුක් රඟන ප්‍රධාන චරිතය මුල් කරගනිමින් නවතම රංගන ශිල්පීන් පිරිසක් සමඟ fresh incident එකක් වටා මෙය ගොඩ නැඟුනහොත් එය වඩා සුදුසු බවටයි ඔවුන් අදහස් පළ කරන්නේ.
Farhan විසින් සිය Excel Entertainment කණ්ඩායම සමඟ එක්ව, මෙම තුන්වන දිගහැරුම සඳහා සුදුසු කතා තේමාවක් දැනටම සාකච්ඡා කර තිබෙන බවයි මෙම තොරතුර ඉන්දීය මාධ්‍ය වෙත නිකුත් කළ තැනින් ආරංචි වන්නේ. ඔවුන් පවසන අන්දමට අවසන් එකඟතාවයට පැමිණි කතා තේමාවට අනුව සිය තිර පිටපත රචනා කිරීම farhan දැනටමත් ආරම්භ කර අවසානයි. ෆර්හාන් විසින් තිර පිටපත රචනා කර අවසන් වූ සැනින්, Don ප්‍රධාන චරිතය රඟපාන Shah Rukh Khan සමඟින් ඉදිරි සාකච්ඡා වට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔවුන් දෙපාර්ශවය තිරපිටපත සම්බන්ධව අවසන් එකඟතාවට පැමිණි විගසම Don 3 හි සෙසු පෙර නිෂ්පාදන කටයුතු ඇරඹීමට Excel Entertainment කටයුතු කරනු ඇති.
Don 3 චිත්‍රපටය නිර්මාණය කළ යුතු ආකාරය ගැන Farhan Akhtar, සිය පියා වන Javed Akhtar සමඟද දීර්ඝව තොරතුරු හුවමාරු කරගෙන තිබෙන අතර ඔහුගේ අදහස් කිහිපයක්ම ඊට ඇතුළත් වන්නට අවස්ථාව තිබෙනවා. Javed Akhtar යනු ෆර්හාන්ගේ Don චිත්‍රපට මාලාවට මුල් වුනු Don (1978) සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළ පුද්ගලයායි. ෆර්හාන් සිය සිනමා නිර්මාණයට පාදක කරගත්තේ 1978දී ඔහුගේ පියා විසින් අධ්‍යක්ෂණය කළ, Amithabh Bachchan ප්‍රධාන චරිතය රඟපෑ එම DON චිත්‍රපටයයි.
Written by Kavinu Weerakkody