Fathima Shanaz සහ Roshan Edward ආසියානු සාම චිත්රපට උළෙලට
තුන්වැනි ආසියානු සාම සිනමා උළෙල පකිස්තානයේදී පැවැත්වුනා. නොවැම්බර් මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වුන මේ සිනමා උළෙලට ආසියානු සිනමාවේදීන්ගේ නිර්මාණ ඇතුළත් වුනා. මේ අතරට ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙක්ද මෙවර ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.
Roshan Edward අධ්‍යක්ෂණය කළ Wind Through the Holes කෙටි චිත්රපටය ඉන් එකක්. Fathima Shanaz නිර්මාණය කළ HOPE සහ H2O යන කෙටි චිත්රපට ද්විත්වය අනික් නිර්මාණ වුනා. සාමය පිළිබඳ තේමා රැගත් සිනමා නිර්මාණ 125 ක ප්රමාණයක් ප්රදර්ශනය කිරීමට උළෙල සංවිධායකයින් කටයුතු කොට තිබුනා.

Written by Nisanka Weheraduwa
