FORENSIC මලයාලම් චිත්‍රපටය හින්දියෙන් Remake වෙයි.

Avatar Nisanka Weheraduwa | August 5, 2021 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

බොලිවුඩය පැත්තෙන් සතිපතාම ඇහෙන Remake Announcements දැන් දැන් රසිකයින්ට බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙනකොටත් පසුගිය වසර දෙකතුනේදි නිකුත් වුණු දකුණු ඉන්දීය චිත්‍රපටි ගණනාවක්ම හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන්න වැඩ කටයුතු ආරම්භ වෙලයි තියන්නේ. ඒ ලැයිස්තුවට එකතු වුණු අලුත්ම සාමාජිකයා තමයි, 2020 වසරෙදි කේරළයෙන් රිලීස් කරපු Forensic මලයාලම් චිත්‍රපටය. කේරළයේ ගොසිප් වෙබ් අඩවි මාස කිහිපයක ඉඳන්ම මේ ගැන rumors පළ කළත්, project එක ගැන හරියටම නිළ  තොරතුරක් නිකුත් වුණේ මෑතකදි. Forensic: The Truth Lies Within ටයිට්ල් එකෙන් හින්දි භාෂාවට remake වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Vishal Furia. Casting list එකේ ප්‍රධාන නලු නිළි යුවල ගැනත් තොරතුරු මේ සමඟින්ම එළියට ආවා.

කොහොම නමුත්, මෙහි අධ්‍යක්ෂක Vishalගේ නම හින්දි චිත්‍රපටි ලෝලීන්ට වඩා, හින්දි Web Series නරඹන රසිකයින්ට සමීපයි. ලංකාවේ අපි අතරේ පවා බොහොම ජනප්‍රිය වුණු Criminal Justice වෙබ් කතාමාලාවේ Co-Director විදිහට කොටස් 08ක් අධ්‍යක්ෂණය කරපු Vishal Furia, Bombers සහ The Missing Stone කියන වෙබ් කතාමාලා දෙකටත් අධ්‍යක්ෂණයෙන් එකතු වෙලා තියෙනවා. මෙතරම් කාලෙකට ඔහු අධ්‍යක්ෂණය කරපු හැම නිර්මාණයක්ම Thriller|Mystery කාණ්ඩයේ නිසා Forensic ප්‍රතිනිර්මාණය ගැනත් අපිට යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න බැරිකමක් නැහැ.

ඔබ මේ වෙනාකොටත් Forensic නැරඹූ කෙනෙක් නම්, එහි ප්‍රධාන චරිත ද්විත්වය වුණේ සැමුවෙන් ජෝන් නැමැති ෆොරෙන්සික් නිලධාරීවරයා සහ රිතිකා ක්ෂේවියර් නැමැති පොලිස් නිලධාරීවරිය කියන චරිත දෙක බව මතක ඇති. Tovino Thomas රඟ දක්වපු ෆොරෙන්සික් නිලධාරී චරිතය මෙහි හින්දි ප්‍රතිනිර්මාණයේදි අපිට දැකගන්න ලැබෙන්නේ Vikrant Massey කියන රංගන ශිල්පියා හරහායි. ඉතාම මෑතකදි අන්තර්ජාලයට නිකුත් වුණු Haseen Dillruba සහ 14 Phere සිනමාපට දෙකෙදිම Vikrant Masseyව දැකගන්න පුලුවන්. Lipstick Under My Burkha, Chhapaak, MIrzapur ආදියත් ඔහුව ප්‍රේක්ෂකයින් අතරට ‌ගෙනගිය ජනප්‍රිය නිර්මාණ කිහිපයක්… මුල් මලයාලම් චිත්‍රපටියෙදි Mamtha Mohandas නිරූපණය කරපු පොලිස් නිලධාරිනියගේ චරිතයට ගිවිසුම්ගත වෙලා තියන්නේ රංගන ශිල්පිනී Radhika Apteයි. Radhika කියන්නේ චරිතාංග නිළියක් විදිහට බොලිවුඩයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගනිමින් සිටින කෙනෙක්. එකිනෙකට වෙනස් චරිතවලට මූලිකත්වයකත්වයක් දෙන නිසාම රාධිකාගේ චිත්‍රපට බොහෝමයක්, ඒකාකාරී පෙම්වතියගේ චරිතයට කොටු වෙන්නේ නැහැ. Ghoul, Sacred Games වැනි වෙබ් කතා මාලා තුළින් වගේම Dhoni, Andhadhun, Padman, Parched, Lust Stories වැනි ප්‍රසිද්ධ සිනමාපටවලිනුත් ඇගේ රංගනය දැකගන්න පුලුවන්.

මේ වනවිට pre-production අදියරේ පසුවෙන Forensic හින්දි ප්‍රතිනිර්මාණය ලබන වසරේදී අපට නරඹන්නට හැකි බව පැවසෙනවා. මෙය Mini FIlms නිෂ්පාදනයක්.

Share

35 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.