ගිරා එතුමාව චිත්‍රපටයකට පෙරළයි
මීට වසර පහකට හයකට විතර ඉස්සර විජය නන්දසිරිලා,අනර්කලී ආකර්ෂලා,හිමාලිලා,රොඩ්නි,ජුඩ්,ප්‍රියන්ත වැනි සුපිරි වැඩකාරයෝ සෙට් එකක් එකතුවෙලා අපුරු චිත්‍රපටයක් කලා.ඒ චිත්‍රපටයේ ඒ වකවානුවේ,කාලේකින් දැක්ක හොඳ සිනමා පටයක් වුනා.චිත්‍රපටයේ නම “සිකුරු හතේ“…චිත්‍රපටයේ අයිතිකාරයා ගිරා..ගිරිරාජ් කෞෂල්‍ය
දෙපිට කැපෙන වචන ඇතුළත් හිනාව වෙනුවට ජෙනුවින් විහිලු අඩංගු බයිස්කෝප් එකක් වුනු සිකුරු හතේ ආදායම් වාර්තා අතින්ද හොඳ ස්ථාවරයක් ලබාගත් සිනමා පටයක් වුනා.මේ චිත්‍රපටයෙන් පසුව එහෙන් මෙහෙන් ටෙලි නාට්‍ය කිහිපයකින් ගිරා පොඩි දස්කම් ටිකක් පෑවත් චිත්‍රපටයක් කරලා ආයේ තමන්ගේ සුපිරි හැකියාවන් පෙන්නන්න ඔහු තවත් චිත්‍රපටයක් හදගන්න ගියේ නැ.මෙහෙම ටික කාලයක් නිහඩව උන්න ඔහු,ඔන්න ආයේමත් අර විදියේම සුපිරි චිත්‍රපටයක් කරන්න යනවා.මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ඔහුගේ නිර්මාණයක් වුනු එතුමා ටෙලිනිර්මාණයයි.මේ ටෙලි නිර්මාණය පාදක කරගෙන මේ චිත්‍රපටය හැඳුනත් ගිරා කියන විදියට මෙහි අන්තරගත වෙන්නේ වෙනම සිද්ධියක්ලු.
“එහි දැකපු කිසිම දෙයක් චිත්‍රපටයකට අන්තර්ගත වෙන්නේ නැහැ. එය වෙනස්ම අයුරකින් පිටපත ලියූ සිනමා නිර්මාණයක් වේවි. එතුමා ටෙලිනාට්‍යයේ රඟ පෑ නළුනිළියන් මෙයට දායක වෙනවා වගේම අලුත් නළුනිළියන්ද මෙයට දායක වෙනවා. ඒ වගේම එතුමා නමින් චිත්‍රපටය නම් කරන්නත් මගේ අදහසක් නැහැ“
Written by Cinema.lk A
