Jimmy Kimmel ට Jessica දූරියන් කවයි – Jimmy අමාරුවේ වැටුනේ මෙහෙමයි

Avatar Nisanka Weheraduwa | August 19, 2018 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

දූරියන් කියන්නේ සාමාන්‍යෙන් අපි ඒ තරම් කැමති නැති පළතුරක්. හොඳ දූරියන් කියන්නේ ඉතා රසවත් පළතුරක් වුනත් ඒකෙ තියෙන සුවඳ විඳදරා ගැනීම එතරම් පහසු නැහැ. මේ හොලිවුඩ් වල සිදුවුණු අපූරු දූරියන් සිද්දියක්.

Jimmy Kimmel show කියන්නේ හොලිවුඩ් සිනමාව එක්ක ඉන්න යට ඒ තරම් අමුතු දෙයක් නෙමෙයි. හොලිවුඩ් චිත්‍රපට වලට කැමති බොහෝ දෙනෙක් මේ වැඩසටහන නරඹනවා. Jimmy වරක් මේ වැඩසටහනට ආරාධනා කළා සම්මානනීය හොලිවුඩ් නිළියක වන Jessica Chastainට. 2016 අවුරුද්දේ තිරගත වුනු Mis Slone චිත්‍රපටය ඔබට මතක නම්, Jessica ඔබට ඉතා හොඳින් හුරුපුරුදුයි. ඇය මේ වැඩසටහනට ආවේ Jimmyට අපූරු තෑග්ගක් අරගෙන. ඒ තමයි හොඳට ඉදුණු දූරියන් ගෙඩියක්. සිංගප්පුරුවේ චිත්‍රපටයක රුගත කිරීම් අතර ඉද්දි ඇයට රසවිඳින්න ලැබුණු මේ අපූරු පළතුර ඇය Jimmyට තෑගි කළා. Jimmy ප්‍රසිද්දියේ අමාරුවේ වැටුණු හැටි ඔබට දැකගත හැකියි.

Share

99 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.