JOKER ගැන කතාබහක් ජ’පුර සරසවියේදී

Avatar Nisanka Weheraduwa | December 11, 2019 168 Views 0 Likes 0 Ratings

168 Views 0 Ratings Rate it

JOKER චිත්‍රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්‍රපටය තිරගත කෙරුනා වගේම ලෝකය පුරා සිනමා රසිකයින් මේ චිත්‍රපටය ගැන සුබවාදී ප්‍රතිචාර දැක්වූවා. ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් අතරත් මේ සිනමාපටය අතිශය ජනප්‍රිය වුනා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටුව මගින් මේ සිනමාපටය ගැන කතාබහක් සංවිධාන කොට තිබෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා වගේම අන්තර්ජාතිකව සම්මාන රැසක් හිමිකරගත් JOKER චිත්‍රපටය ගැන කතාබහට එකතුවෙන්නේ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ.  දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00ට විශ්ව විද්‍යාලයීය එළිමහන් රංග පිඨයේදී මේ කතාබහ පැවැත්වෙනවා.

Share

168 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.