ජුලියට කලින් ආපු ජූලි 7
ජූලි හතයි ලෙසට නම තබා ජූලි මස හත් වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ සිනමාපටයක් මෙම මස හත් වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කර තියෙනවා. එය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි. ඔහුගේ පස්වැනි සිනමා කෘතිය වන ජූලි හතයි චරිත් අබේසිංහ නිෂ්පාදනයකි. චරිත්, කලකට ඉහතදී මෙරට තිරගත වූ ජනප්‍රිය සිනමාපටයක් වන ජුලියා හි නිෂ්පාදකවරයා වේ. ජුලි හතයි කළු සුදු වර්ණයෙන් නිර්මාණය වු සිනමාපටයක් වීම විශේෂත්වයකි. එමෙන්ම එය එක් දර්ශන තලයක් තුළ දින තුනක් ඇතුළත රූගත කිරීම් නිම කොට තිබේ. චිත්‍රපටයෙහි චරිත හයක් ඔස්සේ දිග හැරෙයි. දමිතා අබේරත්න, සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, අනර්කලී ආකර්ෂා, ඕෂධී හේවාමද්දුම සමඟ චරිත් අබේසිංහ එම චරතයන් නිරූපණය කරනු ලබති.
කැමරාව උපුල් ප්‍රජාත් මෙහෙයවා තිබේ. නුවන් තේනුවරගේ සංගීත අධ්‍යක්ෂණයකි. ෂාන් පෙරේරා සංස්කරණයෙන් ද, සමුදු අංග රචනයෙන් ද සහාය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් නිශාන්ත රණසිංහ ද මේ සඳහා දායක වී ඇත. හේමසිරි ෆර්ඩිනැන්ඩු කලා අධ්‍යක්ෂවරයාය. හේමන්ත ප්‍රසාද්ගේ පිටපත් රචනයකි.
Written by Cinema.lk A





