Kangana Ranautට මානසික ව්‍යාධියක්….?

Avatar Nisanka Weheraduwa | March 9, 2018 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

ඉන්දීය නිළියක වන කන්ගනා රනාවුත් හට මානසික ව්‍යාධියක් වැළඳී අති අයුරු පෙන්වන චායාරුප පසුගියදා අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා. එහි නවතම පින්තුරයක් මිට දින දෙකකට පෙර අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. එහි කන්ගනා මෙන්ම බොලිවුඩ් නළු Rajkummar Raoද එකම ඉරියවුවකින් සිටිනු පෙන්වා තිබුනා. දෑතින් දෙකන් වසාගත් මේ දෙදෙනා මහා හැඳින් කෑ ගසන ඉරියවුවකින් මුව යා සිටිනවා. ඔවුන් දෙදෙනාගෙන හිස් ඒ හඬට  පුපුරා යන තරම් බව හඟවන අයුරින් මේ පෝස්ටරය නිර්මාණය කොට තිබුනා.

ළඟදීම රුගත කිරීම් ආරම්භ කිරීමට Mental Hai Kya චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් මේ චායාරුප නිර්මාණය කොට තිබෙන බව සඳහන්. එසේම මානසික ව්‍යාධීන් පිලිබඳ කතාබහ කෙරෙන අයුරින් මෙම චිත්‍රපට නිර්මාණය සිදුවන බවත් පැවසෙනවා. Prakash Kovelamudi මේ චිත්‍රපටයේ ආධ්යක්ෂවරයා වනවා. කන්ගනා සහ රාජ්කුමාර් ළඟදීම Mental Hai Kya හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනු ඇති.

මෙහිදී වැඩිම අවධානයක් යොමුව ඇත්තේ කන්ගනා දෙසට බවත් ඇතැමුන් පවසා තිබුනා. ඊට හේතුව කන්ගනා පසුගිය කාලයේ දායක වුනු නිර්මාණ වල ස්වරුපය හේතුවෙන්. පසුගිය වසරේ තිරගත වුනු “සිම්රන්” චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් කන්ගනා වෙනස්ම ආකාරයක චරිත නිරුපණයක යෙදුනා.

Share

53 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.