කේට්ගේ තුන්වෙනි එක මාට්ටු වේ
කේට් වින්ස්ලට් කියන්නේ මුළු මහත් ලෝකයම ආදරය කරන චරිතයක්.ඒ වගේම ඇය හුඟාක් නිහඩ චරිතයක්.ඒත් මේ දිනවල නැවතත් ඇයගේ නම හොලිවුඩයෙන් ඇසෙන්න පටන් අරන්.ඒ අලුත් චිත්‍රපටියක් නිසා නම් නොවේ.ඇයගේ තුන්වන විවාහයත් සමඟයි ඇය ගැන නැවතත් කතා කරන්න පටන් අරන් තියෙන්නේ.මේ වන විට 37 වැනි වියෙහි පසුවන කේට් විවාහ වී ඇත්තේ නෙඩ් රොක්එන් රෝල් සමඟයි. ඔහු කලා ලෝකයට සම්බන්ධ අයකු නොවෙයි.
ඇය මෙලෙස විවාහයක් කරගෙන තියෙන්නේ ඉතා හොර රහසෙයි.කොටින්ම ඇගේ මේ විවාහය ගැන ඇයගේ දෙමව්පියන්වත් දැනගෙන ඉදලා නැහැ. එය හොඳින්ම දැනගෙන හිටියේ කේට් සහ නෙඩ්ගේ සමීපතම මිතුරු මිතුරියන් කීප දෙනකු විතරයි.ඉතා චාම් අයුරින් පැවැත්වු මේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඇමෙරිකාවේ කැට්ස්කිල් කඳුකර ප්‍රදේශයේ හෝටලයකදීයි.මෙම විවාහ මංගල උත්සවය සදහා යොදාගත් මංගල මුදුව නිර්මාණය කළේ බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ ස්වර්ණාභරණ ශිල්පී චාල්ස් ගූඩි. රජ පවුලේ සාරා – පිලිප් යුවළගේ මුදු නිර්මාණය කළේ ද ඔහුයි.
කේට් කොච්චර හොර රහසේ මේ මඟුල පවත්වන්න හැදුවත් මේ වන විට ඇගේ මංගල උත්සවය හොලිවුඩ් මාධ්‍යයන්ගේ හොඳ කටගැස්මක් වෙලා ඉවරයි.
Written by Cinema.lk A
