Knives Out දෙවන චිත්‍රපටය ප්‍රදර්ශනයට Netflix සූදානමින්
Daniel Craig ප්‍රධාන රංගනයෙන් එක් වූ Knives Out චිත්‍රපටය, 2019 වසරේදී ලෝ පුරා රසිකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත් වුනේ එම වසරේදී තිරගත වූ සාර්ථකම Thriller සිනමාපටයක් ලෙස විචාරක ඇගයුමට පවා ලක් වෙමිනුයි. 92වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර තිර පිටපතට (Best Original Screenplay) හිමි සම්මානයට නිර්දේශ වුනු එය, Golden Globes ඇතුළු තවත් ප්‍රධාන සිනමා සම්මාන උළෙල ගණනාවකදී ම සම්මානයට පාත්‍ර වුනා. නිෂ්පාදකයින් නොසිතූ අන්දමේ ජනප්‍රියතාවයක් හිමි කරගත් Knives Out සිනමාපටය සිය තිරගත වීම අවසානයේදී රැස් කරගෙන තිබූ සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 310කට අධිකයි.
නමුත් විශේෂම කාරණය, එය නිර්මාණය කර තිබුනේ ඩොලර් මිලියන 40කටත් අවම නිෂ්පාදන පිරිවැයක් යටතේ වීමයි.
Daniel Craig, Chris Evans, Ana De Armes වැනි ජනප්‍රිය ශානරයේ නළු නිළියන් සම්බන්ධ වී සිටියද මෙය Drama ස්වරූපයේ සිනමාපටයක් වූ නිසා මෙවැනි ජනප්‍රියත්වයක් හිමි වෙතැයි නිෂ්පාදකයින් බලාපොරොත්තු වූයේ නැහැ. එසේ වූවත් සිනමාපටයේ ගුණාත්මක බව නිසාම, තිරගත වීම අරඹා බොහොම කෙටි කාලයක් ඇතුළත Global Box Office Rankings හි පළමු තැනට පිවිසීමට Knives Out සිනමාපටයට හැකි වුනා.
නමුත් Knives Out හි අධ්‍යක්ෂකවරයා වන Rian Johnson සිය නිර්මාණය තිරගත වන්නටත් පෙර සිටම එහි සාර්ථකත්වය ගැන විශ්වාසයෙන් සිටි අයෙක්. සිය පළමු චිත්‍රපටය රසිකයින්ගේ අවධානයට යොමු වෙතැයි තමන්ට විශ්වාස බවත්, එය සැලකිය යුතු අවධානයක් ලබා ගතහොත් එම කතා සංකල්පයේම දිගුවක් වූ දෙවන චිත්‍රපටයක් සඳහා තමන් සූදානම් බවත් ඔහු වරෙක පැවසුවා.
Daniel Craig රඟන ප්‍රධාන චරිතය වන “පෞද්ගලික රහස් පරීක්ෂක බෙනොයිට් බ්ලාන්ක්ට” විසඳීමට ලැබෙන අභිරහස් වටා sequel movies නිපදවමින් මෙය චිත්‍රපට මාලාවක් බවට පත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව අධ්‍යක්ෂකවරයා පවසා තිබුනා.
2020 ජනවාරි මාසයේදී Rian Johnson විසින් සිය දෙවන Knives Out සිනමාපටයේ තිර පිටපත ගොඩ නඟන බවට තහවුරු කළ අතර 2020 පෙබරවාරි මාසයේදී එයට අනුමැතිය ලැබුනු බවටත් හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුනා.
දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව Netflix ආයතනය Knives Out 2 සහ Knives Out 3 යන චිත්‍රපට ද්විත්වය මිළදී ගත් බව මාධ්‍ය වාර්තා කළා. එම ගිවිසුමේ මූල්‍යමය වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 469ක් වන අතර, එය මෙම චිත්‍රපට මාලාවේ පළමු නිර්මාණය ලබා ගත් සමස්ථ ආදායමටත් ($311 Million) වඩා වැඩියි.
පසුගිය වසරේ ජුනි මාසයේදී රූගත කිරීම් ඇරඹි මෙම චිත්‍රපට ද්විත්වයේ පළමු දර්ශන තල කිහිපය ග්‍රීසියේ ස්ටෙප්ස් ප්‍රදේශය ආශ්‍රිතව අවසන් කළා. ඉන්පසුව සැප්තැම්බර් මාසයේ සිට රටවල් පහකට අධික ප්‍රමාණක මෙහි සෙසු දර්ශන රූගත කළ බවත් අන්තර්ජාලයේ සඳහන්. ප්‍රධාන චරිතය සඳහා සුපුරුදු පරිදි Daniel Craig දායක වන අතර පළමු නිර්මාණයේ සිටි චරිත කිහිපයක් නැවතත් සම්බන්ධ වී තිබෙනවා. මෙම නිර්මාණ ද්විත්වය අධ්‍යක්ෂණය කරන්නේ ද මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ තිර පිටපත් රචකයා වන Rian Johnson විසින්මයි.
ප්‍රධාන චරිතය රඟන Daniel Craig, අධ්‍යක්ෂකවරයා වන Rian Johnson සහ චිත්‍රපටයේ නිෂ්පාදක Ram Bergman තිදෙනාට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් Netflix ආයතනයෙන් වෙන් කොට ඇතැයි සඳහන්.
මේ වනවිට චිත්‍රපටයේ Title & Releasing Details පවා නිල වශයෙන්ම රසිකයින්ට දැනුම් දී අවසානයි. පසුගියදා මෙහි පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් සමාජ මාධ්‍ය වෙතට නිකුත් වූවා. එම ඡායාරූපය පහතින් දැක්වෙන අතර සිනමාපටය නම් කර තිබෙන්නේ Glass Onion: A Knives Out Mystery යනුවෙනුයි.
මෙම දෙසැම්බර් 23 වනදා නත්තල් උත්සවයට සමාගාමීව චිත්‍රපටය මුදා හැරීමට නියමිතයි. නමුත් ඉන් පෙර සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Toronto International Film Festival අන්තර්ජාතික සිනමා උළෙලේදි මෙහි පළමු ප්‍රදර්ශනය පෙන්වීමට නිෂ්පාදකයින් සැලසුම් කොට තිබෙනවා.
ප්‍රධාන චරිතය රඟන Daniel Craigට අමතරව Edward Norton, Janelle Monáe, Madelyn Cline සහ Kate Hudson වැනි ප්‍රසිද්ධ නළු නිළියන් ගණනාවක්ම මෙහිදී දැකගත හැකියි. ලෝක ප්‍රසිද්ධ බොක්සිං ශූරයෙකු වන Dave Bautista ද මෙම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟපාන අතර අධ්‍යක්ෂවරයා ඍජුවම ඔහුව මේ සඳහා සම්බන්ධ කොට ගෙන තිබෙනවා. පළමු සීක්වල් චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම පාහේ මේ වනවිට අවසන් ක්කොට ඇති බව සඳහන්. චිත්‍රපටයේ ධාවන කාලය (Run Time) මිනිත්තු 139කට අධිකයි.
තාක්ෂණික කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද පළමු නිර්මාණයට සම්බන්ධ වූ පුද්ගලයින් වන අතර ඔවුන්ව සිය තෙවන චිත්‍රපටයට එක් කරගැනීමටත් අධ්‍යක්ෂක Rian Johnson දැන් සූදානම් වනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් Steve Yedlin ද, සංස්කරණයෙන් Bob Ducsay ද එක්වන මෙහි සංගීත සංයෝජනය Nathan Johnson චිත්‍රපටයට දායක වී තිබෙනවා.
මෙම දෙසැම්බරයේදී මෙහි ප්‍රදර්ශන කටයුතු අවසාන වූ පසු එළඹෙන වර්ෂයේ මැද භාගයේදී තුන්වන Knives Out චිත්‍රපටය සඳහා සිය අවධානය යොමු කරන්නට නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර තිබෙන බවයි හොලිවුඩ් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Written by Kavinu Weerakkody