හුඟ කලකට පස්සේ එන දෙමළ කොල්ලෙක්ගේ වැඩක්

Avatar Cinema.lk A | February 8, 2016 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

හුඟ කාලෙකට ඉස්සර අපේ සිනමා නිර්මාණ සඳහා දමිළ ප්‍රජාවගේ ලොකු දායකත්වයක් තිබුණා.ඔවුන් චිත්‍රපට නිෂ්පාදනය කළා,අධ්‍යක්ෂණය කලා විතරක් නෙවී අපේ නළු නිළියන්ට පැල් බැඳගෙන ආදරේ කරමින් මෙරට සිනමාපට නැරඹුවා.ඒ කාලේ ගෙවිලා ගියා.ආසාවකට අපේ රටේ දෙමළ සිනමාපටයක් හැඳුනේ නැ.ඒත් ඒ නිහැඩියාව බිඳ දාලා සිංහල නිර්මාණ කරුවෙකු වු අශෝක හඳගම “ඉනිඅවන්“ කියලා දමිළ සිනමාපයක් නිර්මාණය කළා.ඔන්න දැන් ලංකාවේ දමිළ කොල්ලෙක් දමිළ සිනමාපටයක් හදන්න මුල පුරලා තියෙනවා.පහුගිය දවසක තරංගනී සිනමාශාලා භුමියේදී එහි මුහුරත් උළෙල උත්සවශ්‍රීයේන් පැවැත්වුනා.

කෝමාලි කිංග් යනුවෙන් නම තබා ඇති එහි අධ්‍යක්ෂවරයා වනුයේ කිංග් රත්නම්.

හාස්‍යෝත්පාදක සිනමා සිතුවමක් වන කෝමලි කිංග්, පිටරට සිට මෙරටට පැමිණෙන දමිල පවුලක් වටා ගෙතී ඇති කතා පුවතකි.

දර්ශන් ධර්මරාජ්, නිරංජනි ශන් මුගරාජා, රාජා ගනේෂන්, ගජන් ගනේෂන්, පි‍රයන්ත සිරිකුමාර සමඟ මෙහි අධ්‍යක්ෂවරයා වන කිංග් රත්නම් චිත්‍රපටයෙහි චරිත මවති.

කෝමාලි කිංග් පික්චර් ඩිස්ක් ඉදිරිපත් කිරීමකි, මහින්ද අබේසිංහ කැමරාව මෙහෙයවයි. පි‍්‍රයන්ත සිරි කුමාරගේ අංග රචනයකි. හර්ෂ දිසානායක සමඟ ඇන්ජලෝ ජෝන් සංස්කරණ ශිල්පිනිය, ශ්‍රීරාම්, අරුන්, සමඟ කිංග් මෙහි සංගීත අධ්‍යක්ෂවරුන් වේ. නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. කෝමලි කිංග් යාපනය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීමට නියමිතය.komaali king (10) [640x480] komaali king (11) [640x480] komaali king (12) [640x480] komaali king (13) [640x480] komaali king (14) [640x480] komaali king (15) [640x480] komaali king (16) [640x480] komaali king (17) [640x480] komaali king (18) [640x480] komaali king (19) [640x480] komaali king (20) [640x480] komaali king (21) [640x480] komaali king (22) [640x480] komaali king (23) [640x480] komaali king (24) [640x480] komaali king (25) [640x480] komaali king (26) [640x480] komaali king (27) [640x480] komaali king (28) [640x480] komaali king (1) [640x480] komaali king (2) [640x480] komaali king (3) [640x480] komaali king (4) [640x480] komaali king (5) [640x480] komaali king (6) [640x480] komaali king (7) [640x480] komaali king (8) [640x480] komaali king (9) [640x480]

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.